Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු එක්දින තරගය වැස්සට හේදී යයි

පළමු එක්දින තරගය වැස්සට හේදී යයි

ශනුක අරවින්ද - 2014 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල සහ ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (25 වැනිදා) පැවැති පළමු යොවුන් එක්දින ජත්‍යන්තර තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.

තරග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 223 ක ඉලක්කයක් හිමිවූ අතර තරගය නිමාවන වේලාව තෙක්ම වර්ෂාව ඇද හැළීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ එකදු පන්දුවකට හෝ නොයවා තරගය අත්හැර දැමීමට සිදුවිය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියා පිල ඕවර 49.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.

එහිදී ඕස්ටේ‍්‍රලියා පිලේ ආරම්භක පිතිකරු මැතිව් රේන්ශෝව් පන්දු 99 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 77 ක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 147 කට කඩුලූ 6 ක් දැවී තිබූ අවස්ථාවේ කයිල් ස්කි‍්‍රමෙගර් (42) සහ ජොන්ටි පැටිසන් (26) එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 47 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ‍්‍රලියා  පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ඕස්ටේ‍්‍රලියා පිලේ මුල් පෙළ පිතිකරුවන් හය දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට ශී‍්‍ර ලංකා පිලේ පන්දු යවන්නෝ සමත්වූහ.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ශී‍්‍ර ලංකා පිලේ නායක චාමික කරුණාරත්න ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගැනීමට සමත්විය. දමිත සිල්වා ලකුණු 48 කට කඩුලූ 3 ක් දවාගනිමින් ඔහුට අගනා සහයක් දුන්නේය.

කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා පිලේ නායක චාමික කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඕස්ටේ‍්‍රලියා පිලට ආරාධනා කර සිටියේය.

ඕස්ටේ‍්‍රලියා 19 න් පහළ පිල -  ඕවර 50 කදී සියලූ දෙනා දැවී 222
(මැතිව් රේන්ශෝව් 77, පැට්‍ර්රක් මැකීනා 27, කයිල් ස්කි‍්‍රමෙගර් 42, ජොන්ටි පැටිසන් 26, චාමික කරුණාරත්න 32/4, දමිත සිල්වා 48/3, වනිඳු හසරංග 16/2)

-036

 


අදහස් (0)

පළමු එක්දින තරගය වැස්සට හේදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.