Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු ඉලක්කය අවසන් පූර්ව වටයයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

පළමු ඉලක්කය අවසන් පූර්ව වටයයි

editorial - 2022 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සුසිල් ප්‍රේමලාල් බර්මින්හැම් සිට..)

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා ඉතාලියෙ සිට  බර්මින්හැම්   නුවරට   පැමිණීමට පෙර ලංකාදීපයට අදහස් දක්වූ යුපුන් අබේකෝන් තමන් හොඳ තරගකාරී මට්ටමක සිටින බව පැවසීය.

"මම දැන් ඉතා හොඳ තරගකාරී තත්වයෙන් පසුවෙනවා. ලෝක ශූරතාවලියේදී සිදු වු අඩුපාඩු මගහරවා ගෙන  තරඟයේ මූලික වටයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. පළමු ඉලක්කය අවසන් පුර්ව වටයට   යාම පමණයි' යයි යුපුන් අබේකෝන් පැවසිය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මලල  ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන  මහතා පවසයි. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන සමන් කුමාර ගුණවර්ධන මහතා වසර 24ක් තිස්සේ ශ්‍රී ලංකා  මලල ක්‍රීඩා දත්ත සටහන්කරු ලෙස  කටයුතු කරයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතෙක් දක්වා ඇති දක්ෂතා අනුව යුපුන් අබේකෝන් (මීටර 100 පිරිමි) සහ සාරංගි ද සිල්වා (දුර පැනීම - කාන්තා )  පදක්කම් දිනාගනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

 


අදහස් (0)

පළමු ඉලක්කය අවසන් පූර්ව වටයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.