Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මොරටු මහ විද්‍යාලයට එරෙහිව පළමු ඉණිමේ ජයක් ලැබීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල ‘සී’ කණ්ඩායම පෙරේදා (22) සමත් විය. මෙම තරගය මොරටුව සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ සෙබස්තියන් විද්‍යාලයේ රුසිරු මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 6කට කඩුලු 6කුත්, දෙවන ඉනිමේදී ලකුණු 28 කට කඩුලු 6ක් සමගින් ඉනිම් දෙකේදීම ලකුණු 34කට කඩුලු 12 ක් බිඳ හෙළීය.
මොරටුව මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී ලකුණු 106
(නවිදු පෙරේරා 29, රුසිරු මෙන්ඩිස් 06/6, නිසල් සේනානායක 33/2 )
ශාන්ත සෙබස්කතියන් ‘සී’ පළමු ඉනිම - ඕවර 46.1 කදී කඩුලු 4කට ලකුණු 201
(ආලෝක ප්‍රනාන්දු 71, කවීශ සිල්වා 53, රෙහාන් කුරේ 43 )
මොරටුව මහ විද්‍යාල දෙවන ඉනිම - ඕවර 23කදී කඩුලු 9කට ලකුණු 59
(රසිරු මෙන්ඩිස් 28/6, භානුක ජනිත් 13/3 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.