Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පවන් තාමත් ඉදිරියෙන්

පවන් තාමත් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) 11 වැනි සතිය තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් සමත්ව සිටියි.

ඉකුත් සතියේ ලබාගත් ඡන්ද 662 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 5782 කි.

පවන් ඩයස්ට වඩා ඡන්ද 1598 ක් පසුපසින් සිටින කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට, ඡන්ද 4184 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ඉකුත් සතියේ ඔහුට හිමිවී ඇත්තේ ඡන්ද 125 ක් පමණි.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ යොහාන් මෙන්ඩිස් සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ පිළිවෙලින් ඡන්ද 3044 ක් සහ 1732 ක් බැගින් ලබාගෙන සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල රැදී සිටිති.

ඡන්ද 1881 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප‍්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ස්ථානය ඡන්ද 104 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමිව තිබේ.

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පලවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය මැද දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.

 

සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
පවන් ඩයස්   පානදුර රාජකීය විදුහල 5782
ළහිරු තඹවිට  කළුතර සිරිකුරුස විදුහල  4184
යොහාන් මෙන්ඩිස්  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 3044
ලක්ෂිණ රුද්‍රිගූ  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  1732
රවින් සේයර්  මහනුවර ති‍්‍රත්ව විදුහල  492
මල්ෂාන් රොද්‍රිගූ  කොළඹ ශාන්ත ජෝෂප් විදුහල 303
පසිඳු සූරියබණ්ඩාර  කොළඹ රාජකීය විදුහල 168
කෙවින් පෙරේරා  මීගමුව මාරිස්ටෙලා විදුහල  159
ගීතාල් ප‍්‍රනාන්දු  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල 94
සචින්ද ගමාධිකාරි මීගමුව මාරිස්ටෙලා විදුහල  90

 

නැගී එන පාසල් කාණ්ඩය
කී‍්‍රඩකයා   පාසල  ඡන්ද
මාධව ප‍්‍රනාන්දු   මෝදර ද ලාසාල් විදුහල 1881
දිල්ෂාන් මධුෂංක  පාදුක්ක සිරි පියරතන විදුහල  104
රියාස් රිස්වි  අකුරණ අසාර් විදුහල  2

 

ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග‍්‍රාහකයෝ

1. වින්සන්, 340, වාසල වලව්ව, මහ වීදිය, මීගමුව
2. පී. නානායක්කාර, 395, මඩවල පාර, කටුගස්තොට, මහනුවර
3. සුල් සබීත්, 16/1, ඥාණතිලක පාර, ගස්කිස්ස
4. රොසෑන් අමත්, 40/41, කටුවාවෙල පාර, කතරගම

 

- 036


අදහස් (0)

පවන් තාමත් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.