Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පන්දු යවන්නෝ ඊසොෆ්ට් පිලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ඊසොෆ්ට් පිලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සදහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (19) පැවැති තරගයකදී සාගර විශ්ව විද්‍යාල පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ඊසොෆ්ට් කණ්ඩායම සමත්විය. මෙම තරගය බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ජී.සංජීව, ශාලුක සිල්වා සහ ඩී.ජයවර්ධන කඩුලු 3 බැගින් දවාගනිමින් සාගර විශ්ව විද්‍යාල පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකරමින් ඊසොෆ්ට් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

සාගර විශ්ව විද්‍යාලය - ඕවර 15.3 කදී සියලුදෙනා දැවී ලකුණු 58
(තාරුක විජේසිංහ 18, ජී.සංජීව 07/3, ශාලුක සිල්වා 12/3, ඩී.ජයවර්ධන 18/3)

ඊසොෆ්ට් - ඕවර 3.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 60
(ඩී.අමුගොඩ නොදැවී 36)


අදහස් (0)

පන්දු යවන්නෝ ඊසොෆ්ට් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.