ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (19) පැවැති දිනයේ දෙවැනි තරගයේදී කිංග්ස් XI, පන්ජාබ් පිල කඩුලූ 4 කින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල පරාජය කරමින් පළමු ස්ථානය තව දුරටත් තහවුරු කර ගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 නායක ජෝජ් බේලි මෙහෙයවන පංජාබ් පිල මේ වන විට සහභාගි වූ තරග 11 යේදී තරග 9 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 18 ක් සමගින් පළමු ස්ථානයේ හිමිකරගෙන සිටියි.
ඉන්දීය යොවු පිතිකරු අක්ෂාර් පටෙල් අවසන් පන්දු කීපයේදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 35 කදී නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් තරගය ජයග‍්‍රාහිව අවසන් කළේය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් අවධානය දිනාගෙන සිටින ග්ලේන් මැක්ස්වෙල් පන්දු 11 කදී හයේ පහරක් සමගින් ලකුණු 14 ක් ලබා දැවී යෑම පන්ජාබ් පිලේ ජයග‍්‍රහණය ප‍්‍රමාද කළේය.
මානන් වෝරා පන්දු 19 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් රැුස්කරමින් පන්ජාබ් පිලට හොඳ ආරම්භයක් ගෙන දුන්නේය. දිනේෂ් කාර්තික් පන්දු 44 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 69 ක් රැස්කරමින් දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
එංගලන්ත හිටපු ප‍්‍රවේගකාරී පිතිකරු කෙවින් පීටර්සන් (49) සහ දිනේෂ් කාර්තික් (69) දෙවැනි කඩුල්ල සදහා පන්දු 48 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
කාසියේ වාසිය ලැබූ පන්ජාබ් පිලේ නායක ජෝජ් බේලි පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 164 (කෙවින් පීටර්සන් 49, දිනේෂ් කාර්තික් 69, ජේ. පී. ඩුමිනි 17, සංදීප් ශර්මා 35/3, බියුරන් හෙන්ද්‍රික්ස් 36/3)
කිංග්ස් XI, පන්ජාබ් පිල ඕවර 19.4 කදී කඩුලූ 6 ට 165 (විරේන්ද්‍ර සෙවැග් 23, මානන් වොහ්රා 42, ග්ලේන් මැක්ස්වෙල් 14, රිදීමන් සාහා 13, අක්ෂාර් පටෙල් නොදැවී 42, ඉම්රාන් තාහිර් 22/3, ජේ. පී. ඩුමිනි 27/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.