ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ජෝජ් බේලි මෙහෙයවන කිංග්ස් XI පන්ජාබ් පිල අද (30) සමත් විය.
අවසන් මහ තරගය කිංග්ස් XI පන්ජාබ් පිල සහ ගෞතම් ගාම්බීර් නායකත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් පිල අතර අනිද්දා (01) බැංගලෝර්හිදී පැවැත්වේ.
පන්ජාබ් ක‍්‍රීඩකයෝ මුම්බායි වැන්කඬේ ක‍්‍රීඩාංගණයේදී අද (30) පැවැති අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ තරගයේදී ලකුණු 24 කින් මහේන්ද්‍ර සිං දෝනි මෙහෙයවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් වූහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 227 ත දැවැන්ත ඉලක්කය හඹාගිය චෙන්නායි පිල ඕවර 20 දී කඩුලූ 7 ක් දැවී ලකුණු 202 ක් ලබා ගත්තේය.
චෙන්නායි පිල පළමු ඕවර හයේදී ලකුණු 100 ක් රැස්කළ අතර සුරේෂ් රයිනා, ජෝජ් බේලිගේ දක්‍ෂ පන්දු රැකීම හමුවේ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමත් ලකුණු වේගය අඩපණ විය.
සුරේෂ් රයිනා පන්දු 25 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 87 ක් රැස්කරමින් පන්ජාබ් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන්නේය.
පර්වින්ඩර් අවානා යැවූ ඉනිමේ හය වැනි ඕවරයට සුරේෂ් රයිනා ලකුණු 33 ක් රැස්කිරීම කැපී පෙනුණි. රයිනා පන්දු 16 කදී ලකුණු 50 සම්පූර්ණ කළ අතර එය අයි.පී.එල්. තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය වේ.
පන්ජාබ් පිල වෙනුවෙන් ලෝක එක්දින පිටියේ ක‍්‍රීඩකයකු ඉනිමක රැස්කළ වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියන විරේන්ද්‍ර සෙවැග් කළකට පසුව අනගි ඉනිමක් ක‍්‍රියාත්මක කරමින් පන්දු 58 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 122 ක් රැස් කළේය.
මෙම ලකුණු 122 ක මෙවර තරගාවලියේ ක‍්‍රීඩකයකු ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර මෙය තරගාවලියේ දෙවැනි ශතකය ද වේ.
ආරම්භක පිතිකරුවන් වන විරේන්ද්‍ර සෙවැග් සහ මානන් වෝරා පන්දු 64 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් අඩිතාලමක් දැමූහ.
චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
මෙහිදී පන්ජාබ් පිලට විදේශ ක‍්‍රීඩකයන් ලෙස නායක ජෝජ් බේලි, ග්ලේන් මැක්ස්වෙල්, ඬේවිඞ් මිලර් සහ මිචෙල් ජොන්සන් ක‍්‍රීඩා කළහ.
චෙන්නායි පිලට ඞ්වේන් ස්මිත්, ෆෆ් ඩූ ප්ලිසිස්, බ්‍රෙන්ඩන් මැකලම් සහ ඬේවිඞ් හසී විදේශ ක‍්‍රීඩකයන් ලෙස සහභාගි වූහ.
කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 දී කඩුලූ 6 ට 226 (විරේන්ද්‍ර සෙවැග් 122, මානන් වෝරා 34, ග්ලේන් මැක්වෙල් 13, ඬේවිඞ් මිලර් 38, අශිෂ් නෙහෙරා 51/2)
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 202 (සුරේෂ් රයිනා 87, බ්‍රෙන්ඩන් මැකලම් 11, රවීන්ද්‍ර ජඬේජා 27, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 42, පර්වින්ඩර් අවානා 59/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.