ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (28) රාත‍්‍රී පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ක‍්‍රීඩකයෝ කඩුලූ 5 කින් ප‍්‍රබල රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරාජය කිරීමට සමත් වූහ.
පංජාබ් පිල මේ දක්වා සහභාගි වූ තරග පහම ජය ලබමින් අපරාජිතව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ප‍්‍රබල බැංගලෝර් පිල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග පහේදී ලැබූ තෙවැනි පරාජය මෙය වීම කැපී පෙනේ.
පංජාබ් පිතිකරුවෝ ලකුණු 125 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 18.5 කදී කඩුලූ 5 ක් දැවී සම්පූර්ණ කළහ.
පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් පිල වෙනුවෙන් සුවරාජ් සිං පන්දු 32 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 35 ක් ලබා ගත්තේය. බැංගලෝර් පිලේ නායක සුපිරි පිතිකරු විරාට් කෝලි ලකුණු 4 කට දැවී ගියේය.
පංජාබ් පිලේ නායකයා ලෙස ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ජෝජ් බේලි කටයුතු කරයි.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 124 (ක‍්‍රිස් ගේල් 20, ඒ. බී. ඩිවිලියස් 17, යුවරාජ් සිං 35, ඇල්බි මෝර්කල් 15, වරුන් අරොන් නොදැවී 11, සංදීප් ශර්මා 15/3, මිචෙල් ජොන්සන් 19/2, රිෂී දාවන් 14/2)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ට 127 (විරේන්ද්‍ර සෙවැග් 32, ඬේවිඞ් මිලර් 26, ජෝජ් බේලි නොදැවී 16, රිෂී දාවන් නොදැවී 23, වරුන් අරොන් 29/2, යුෂ්වෙන්ඩර් චහල් 23/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.