ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියේ කිංග්ස් XI පංජාබ් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (26 වැනිදා) අබුඩාබි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් ලබාගැනීමට කිංග්ස් XI පංජාබ් පිල සමත්විය.
ලකුණු 133 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිලට ඕවර 18.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 109 ක් පමණි.
ලකුණු 21 කට කඩුලූ 3 ක් දවාගත් පංජාබ් පිලේ සන්දීප් ශර්මා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
නැවතත් වරක් අසාර්ථක වූ කොල්කටා පිලේ නායක ගෞතම් ගම්බීර් එක් ලකුණක් ලබාසිටියදී සන්දීප් ශර්මාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. මේ වන විට තරග හතරකට සහභාගී වූ ඔහු ඉන් තරග 3 කදීම ලකුණු නොළබා දැවීගොස් ඇත.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිලේ නායක ගෞතම් ගම්බීර්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පංජාබ් පිල නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 132 ක් ලබාගත්තේය.
පංජාබ් පිලේ වැඩිම ලකුණු ලාභියා වූ විරේන්ද්‍ර ශෙවාග් පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 37 ක් රැස්කළේය.
සුනිල් නරේන් සහ පියුෂ් චවුලා කඩුලූ 3 බැගින් දවාගනිමින් පංජාබ් පිලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
කිංග්ස් XI පංජාබ් පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 132
(විරේන්ද්‍ර ශෙවාග් 37, රිදිමන් සහ 14, ග්ලේන් මැක්ස්වෙල් 15, ඬේවිඞ් මිලර් 14, රිෂි ධවාන් නොදැවී 19, පියුෂ් චවුලා 19/3, සුනිල් නරේන් 24/3)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී 109
(රොබින් උක්තාපා 19, සූර්යකුමාර් යාදව් 34, සන්දීප් ශර්මා 21/3, අක්ෂර් පටේල් 16/2, මිචෙල් ජොන්සන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.