Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිලධාරීන් සිවු දෙනකුට දඬුවම්

නිලධාරීන් සිවු දෙනකුට දඬුවම්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා පනතට පටහැනිව කටයුතු කිරීම පිළිබඳව චෝදනා ලැබූ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු ප්‍රධානියෙකු ඇතුළුව නිලධාරීන් සිව් දෙනෙකුට විශේෂ විමර්ශන කමිටුවක් මගින් දඬුවම් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ. එම එක් නිලධාරියෙකුට ජීවිතාන්තය දක්වා කායවර්ධන ක්‍රීඩාවේ නියැලීම තහනම් කිරීමට නිර්දේශ කර තිබෙන බවත් සෙසු නිලධාරීන්ට වසර කීපයක් බැගින් වන තහනමක්ද පනවා ඇතැයිද වැඩිදුරටත් තොරතුරු හෙළිවේ.

වසර 2015 ට පෙර ක්‍රියාත්මක වූ කායවර්ධන සම්මේලනයේ පාලන කාලසීමාව තුළදී ක්‍රීඩා පනතට පටහැණිව යමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් විභාග කිරීමෙන් පසුව ඔවුන්ට එරෙහිව එම දඬුවම් නිර්දේශ කර තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් විසින් වසරකටත් අධික කාලයක් තිස්සේ පැවැත්වූ විමර්ශනයකින් පසුව ඔවුන්ට එරෙහිව ඉහත දඬුවම් නිර්දේශ කර තිබේ. පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ කායවර්ධන සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකු වන හේමාල් ඩයස් මහතා විසිනි.

දඬුවම් නිර්දේශ වූ හිටපු නිලධාරීන් අතර සම්මේලනයේ උප සභාපතිවරුන් දෙදෙනෙකුද වන බව සඳහන් වේ. මේ අතර කායවර්ධන සම්මේලනයේ තවත් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහිවද ඉදිරියේදී ක්‍රීඩා පනතට පටහැනිව කටයුතු කිරීමේ චෝදනා එල්ල කරමින් විමර්ශනයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇතැයිද වාර්තාවේ. එම නිලධාරීන් අතුරින් කීප දෙනෙක් දැනටමත් සම්මේලනයේ තනතුරු දරන්නෝ වෙති.

පසුගිය වසර කීපයේදී සිදුවූ සම්මේලනයේ කටයුතු පදනම් කර ගනිමින් එම විමර්ශනය සිදුකෙරේ.

කායවර්ධන සම්මේලනයේ හිටපු නිලධාරීන්ට එරෙහිව දඬුවම් නිර්දේශ කිරීමේ කමිටු වාර්තාව මේවන විට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට බාරදී ඇතැයි ද වාර්තාවේ.

 


අදහස් (0)

නිලධාරීන් සිවු දෙනකුට දඬුවම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.