ජනවාරි 4 වැනිදා පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රයෙන් එහි නිලවරණයට දිනයක් යොදා ගැනීම සාකච්ඡා කළ යුතු බවත් අවසන් වරට පැවැති මහ සභා රැස්වීමේ වාර්තාව එහිදී ඉදිරිපත් කළ යුතු බවටත් අවධාරණය කරමින් ජාතික ක්‍රීඩා සංගම් 13 ක ප්‍රධානීන් ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ. එහිදී එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනවාරි 4 වැනිදා කැඳවන විශේෂ මහ සභා රැස්වීමේ න්යායපත්රය සකස් කිරීමේදී එහි සාමාජිකයන්ගේ අදහස් හා යෝජනාවලටද අවස්ථාව සලසාදිය යුතු බවයි.
ජාතික ක්‍රීඩා සංගම් 13 ක ප්‍රධානීහු පෙරේදා (12) රැස්වී ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ විශේෂ මහ සභා රැස්වීමේදී ගතයුතු ක්‍රියාමාර්ග සහ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තාවේ.
මේ අතර ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා අවධාරණය කර ඇත්තේ පසුගිය නොවැම්බර් 9 වැනිදා පැවැති එහි මහ සභා රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කෙරෙන්නේ මීළඟට කැඳවන මහ සභා රැස්වීමකදී පමණක් බවයි. ඒ අතර විගණන වාර්තා අනුමැතිය ලැබෙනතුරු නිලවරණය සම්බන්ධයෙන් සාකච්ඡා නොකරෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
එම මතයට එකඟ නොවන අදාළ ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් ප්‍රකාශ කරන්නේ පැවැති මහා සභා රැස්වීමේ සාකච්ඡා කෙරුණු කාරණා හා යෝජනා ගණනාවක් තවදුරටත් විශේෂ මහ සභා රැස්වීමේදීද සාකච්ඡාවට ගැනෙන බැවින් පැවැති මහ සභා රැස්වීම හා යෝජිත විශේෂ මහ සභා රැස්වීම අතර සබඳතාවය බිඳහෙළිය නොහැකි බවයි.
නොවැම්බර් 9 වැනිදා පැවැති මහ සභා රැස්වීමේදී ඔලිම්පික් කමිටු නිලවරණය ජනවාරි 9 වැනිදා කැඳවීමට තීරණයක් ගෙන තිබියදී එය අත්හිටුවනු ලැබුවත් ඒ පිළිබඳව එළඹෙන විශේෂ මහ සභා රැස්වීමේදී සාකච්ඡාවට නොගැනීම නිලවරණය පිළිබඳ සාමාජිකයන්ගේ විශ්වාසය බිඳවැටීමක් වන බවත් ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීහු තවදුරටත් ලිපියෙන් අවධාරණය කර තිබේ.
මීළඟ නිලවරණයට ජාතික ක්‍රීඩා සංගම් වලින් කැඳවනු ලබන නියෝජිතයන්ගේ නාමාවලිය ප්‍රකාශයට පත් කළ යුතු බවත් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, ආධුනික බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්, දුන්නෙන් විදීමේ සංගමයේ ලේකම් එච්.යූ. සිල්වා, හබල් ඔරු සංගමයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, පැසිපන්දු සම්මේලනයේ ලේකම් වෛද්‍ය චූලා සේනාරත්න, රුවල් ඔරු සංගමයේ සභාපති ප්‍රීති විරාජ් පෙරේරා, ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න, ගොල්ෆ් සංගමයේ ලේකම් කෙන් ද අල්විස්, ඉලක්කයට වෙඩි තැබීමේ සංගමයේ සභාපති ශිරන්ත පීරිස්, වොලිබොල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක, අශ්වාරෝහක සංගමයේ සභාපති සුරන්ජිත් ප්‍රේමදාස, ජාතික කඩු හරඹ සම්මේලනයේ සභාපති අජිත් සියඹලාපිටිය යන මහත්වරු මෙම ලිපියට අත්සන් තබා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.