Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිට්ටඹුව - මාතලේ අවසන් තරගයට

නිට්ටඹුව - මාතලේ අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 23 න් පහළ ‘මුරලි කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට මාතලේ කාන්තා කණ්ඩායම සහ නිට්ටඹුව කාන්තා කණ්ඩායම අද (24 වැනිදා) සමත්වූහ.

පළමු වටයේ තරග සිව්වැනි දිනයටත් අද පැවැති අතර උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කාන්තා පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් අත්කර ගනිමින් නිට්ටඹුව කාන්තා පිලත්, මොණරාගල කාන්තා පිලට එරෙහිව ලකුණු 56 ක ජයක් අත්කර ගනිමින් මාතලේ කාන්තා පිලත් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

තමන් සහභාගීවූ තරග සියල්ල ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගත් නිට්ටඹුව කාන්තා පිල ‘ඒ’ කාණ්ඩයේත් මාතලේ කාන්තා පිල ‘බී’ කාණ්ඩයේත් පෙරමුණ ගැනීමට සමත් වූවෝය.

අවසන් මහා තරගය හෙට (25 වැනිදා) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කාන්තා තරග ඕවර 15 කට සීමා විය.

 

නිට්ටඹුව කාන්තා පිලට කඩුලු 7 ක ජයක්
උතුරු - නැගෙනහිර ඒකාබද්ධ පිල - ඕවර 13.2 කදී සියලු දෙනා දැවී ලකුණු 54ි
(වීච සරනියා 11, පූර්ණිමා සෙව්වන්දි 16/2, රුවනි මදුශිකා 16/2)

නිට්ටඹුව කාන්තා කණ්ඩායම - ඕවර 5.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 57
(සචිනි ඩිල්ෂානී නොදැවී 23)

 

මාතලේ කාන්තා පිලට ලකුණු 56 ක ජයක්
මාතලේ කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 105
(රූබී රජින්තා 33, සිතාරා මදුවන්ති 12/3, චේතනා විමුක්ති 26/2)

මොණරාගල කාන්තා කණ්ඩායම - ඕවර 11.5 කදී සියලු දෙනා දැවී ලකුණු 49
(ශානිකා මදුශානී 24, දිල්රුක්ෂි අරඹේගොඩ 11/4)

 

සීනීගම කාන්තා පිලට ලකුණු 82 ජයක්
සීනීගම කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 136
(සත්‍යා සංදීපනී නොදැවී 25, උමේෂා තිමේෂානී 40)

පොලොන්නරුව කාන්තා කණ්ඩායම - ඕවර 15 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 54
(තිළිෂියා චතුරංගී 3/2)

 


අදහස් (0)

නිට්ටඹුව - මාතලේ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.