ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තානු ‘ඒ’ පිල අතර එක්දින තරග සහ නිල නොවන ටෙස්ට් තරග තුනකින් සමන්විත ක‍්‍රිකට් තරගාවලිය මේ මස 26 වැනිදා මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයෙන් ආරම්භ වේ.
පාකිස්තානු ‘ඒ’ පිල මේ මස 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. පළමු සිවුදින තරගය මැයි මස 6 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරග කාලසටහන මේ දක්වා ස්ථිර වී නොමැති වී ඇති අතර මේ වන විට මෙම කාලසටහන තෙවරක් වෙනස් වී ඇති බවද දැනගන්නට තිබේ.
පළමුවෙන් සකස් කරන ලද කාලසටහනට නිල නොවන ටෙස්ට් තරග දෙකක් පමණක් ඇතුළත් වූ නමුත් නව තරග කාල සටහන සඳහා නිල නොවන ටෙස්ට් තරග තුනක් ඇතුළත් කර තිබේ. මෙම නිල නොවන ටෙස්ට් තරග සියල්ලම සිවුදින තරග වෙයි.
තරග කාලසටහන
අපේ‍්‍ර. 26 - පළමු එක්දින තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී
අපේ‍්‍ර. 29 - දෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී
මැයි 02 - තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
මැයි 6 සිට 9 - පළමු නිල නොවන ටෙස්ට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
මැයි 13 සිට 16 - දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී
මැයි 20 සිට 23 - තෙවැනි නිල නොවන ටෙස්ට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.