Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නොවැම්බර් ගෝන් පී‍්‍ර ගොල්ෆ් ශූරයා රංගා

නොවැම්බර් ගෝන් පී‍්‍ර ගොල්ෆ් ශූරයා රංගා

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පින් ප‍්‍රනාන්දු (ගෝන් පී‍්‍ර) ගොල්ෆ් නොවැම්බර් මස තරගාවලිය ජය ගැනීමට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ එන්. රංගා සමත්විය. තරග වට 4 නිමා කිරීමට ඔහුට වැයවූ මුළු පහර සංඛ්‍යාව 287 කි. එක් තරග වටයක් නිමා කිරීමට ඔහු වැය කළ අවම පහර සංඛ්‍යාව 67 වන අතර වැඩිම පහර සංඛ්‍යාව 75 කි.


නොවැම්බර් මාසයේ ගෝන් පී‍්‍ර තරගාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේදී පසුගිය සතියේදී පැවැත්විණ. වසර 2013-14 ගෝන් පී‍්‍ර ගොල්ෆ් තරගමාලාවේ පස්වැනි තරගාවලිය මෙයයි.


කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේම සිසිර කුමාර සහ එන්. අමරපද්ම තරග වට 4 නිමා කිරීම සඳහා පහර 289 බැගින් වැය කරමින් දෙවැනි ස්ථානයට පත්වූහ. පහර 292 කින් තරග වට 4 නිමා කළ එම්. ආරුමුගම්ට හිමිවූයේ එහි තෙවැනි ස්ථානයයි.


මේ මස තරගාවලිය සඳහා කී‍්‍රඩකයෝ 21 දෙනෙක් සහභාගි වූහ.


නොවැම්බර් තරගාවලියේ ඉදිරියෙන්ම සිටි කී‍්‍රඩකයෝ

   1.  එන්. රංගා - 75 + 67 + 72 + 73 = 287
   2.  සිසිර කුමාර - 72 + 73 + 72 + 72 = 289
   2.  එන්. අමරපද්ම - 73 + 73 + 70 + 73 = 289  
   4.  එම්. ආරුමුගම් - 74 + 72 + 71 + 75 = 292
   5.  චානක පෙරේරා - 78 + 71 + 75 + 69 = 293
   6.  ජී. එම්. ප‍්‍රදීප් කුමාර - 75 + 78 + 74 + 71 = 298
   6.  බී. ඒ. රෝහණ  - 77 + 75 + 73 + 73 = 298
   8.  විජිත බණ්ඩාර  - 77 + 81 + 74 + 71 = 303
   8.  චලිත පුෂ්පික - 76 + 73 + 74 + 80 = 303
  10. ධනුෂ පෙරේරා - 78 + 75 + 74 + 78 = 305

 


අදහස් (0)

නොවැම්බර් ගෝන් පී‍්‍ර ගොල්ෆ් ශූරයා රංගා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.