Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නොදර්න් දිස්ති‍්‍රක් පිල පළමුවෙන්ම සුදුසුකම් ලබයි

නොදර්න් දිස්ති‍්‍රක් පිල පළමුවෙන්ම සුදුසුකම් ලබයි

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශූරයන්ගේ විස්සයි20 ලීග තරගාවලියේ ප්‍රධාන තරගාවලිය සඳහා පළමුවෙන්ම සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තයේ නොදර්න් දිස්ති‍්‍රක් පිල සමත්වී තිබේ.

සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරග 2 කට සහභාගිවී එම තරග 2 න්ම ජය ලැබීම නිසා ඔවුන්ට ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවී තිබේ. සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප‍්‍රස් පිල කඩුලූ 7 කින්ද, පාකිස්තානයේ ලාහෝර් ලයන්ස් පිල ලකණු 72 කින්ද පරාජය කිරීමට නොදර්න් දිස්ති‍්‍රක් පිල සමත් විය.

ප්‍රධාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගන්නා අනෙක් කණ්ඩායම කුමක්දැයි යන්න හෙට (16 වැනිදා) පැවැත්වෙන තරග 2 න් අනතුරුව තීරණය වනු ඇත.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබාගැනීමේ වටයට සහභාගී වූ සදර්න් එක්ස්ප‍්‍රස් පිල, සහභාගී වූ පළමු තරග දෙකේදීම පරාජයට පත්වීම නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

 

කණ්ඩායම  තරග ජය පරාජය ප‍්‍ර. ල.  දළ ලකුණු වේගය
නොදර්න් දිස්ති‍්‍රක් 2 2 0 8 2.684
මුම්බායි ඉන්දියන්ස් 2 1 1 4 0.498
ලාහෝර් ලයන්ස් 2 1 1 4 ‐1.496
සදර්න් එක්ස්ප‍්‍රස්  2 0 2 0 ‐1.670

 

- 036


අදහස් (0)

නොදර්න් දිස්ති‍්‍රක් පිල පළමුවෙන්ම සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.