සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කැරම් තරගාවලියේදී මහනුවර ශා.සිල්වෙස්තර් විදුහල විසින් වයස අවු 20න් පහළ බාලක කැරම් ශූරතාව දිනාගන්නා ලදි. නුගේගොඩ මහමායා බාලිකා විදුහල විසින් බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී.
දින තුනක් පුරා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහල් ප්‍රධාන ශාලාවේ පැවති මෙම තරගාවලියේ වයස අවු 17න් පහළ බාලක බාලිකා ශූරතා දෙකම නුගේගොඩ පාසල් දෙකක් වන ශා. ජෝන් විදුහල සහ නුගේගොඩ මහාමායා විදුහල දිනා ගැනීම ද විශේෂ විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර ශා. සිල්වෙස්ටර් විදුහලේ එම්.කේ.එම්. අල්තාෆ් සම්මාන දිනාගත්තේය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නුගේගොඩ මහමායා විදුහලේ තුෂාරි නිමන්සිකා ද සම්මාන දිනාගත්තාය.
තරග ප්‍රතිඵල
වයස අවු 17න් පහළ බාලක
■ ශූරතාව - ශා.ජෝන් විදුහල නුගේගොඩ
■ අනු ශූරතාව - රාජකීය විදුහල කොළඹ
■ 3 වැනි ස්ථානය - වේලස් කුමර විදුහල මොරටුව
වයස අවු 20 න් පහළ බාලක
■ ශූරතාව - ශා සිල්වෙස්ටර් විදුහල මහනුවර
■ අනු ශූරතාව - අල් - අදාන් විදුහල බදුල්ල
■ 3 වැනි ස්ථානය - රාජකීය විදුහල - කොළඹ
වයස අවු 17න් පහළ බාලිකා
■ ශූරතාව - මහමායා බාලිකා විදුහල නුගේගොඩ
■ අනු ශූරතාව - සමුද්‍රදේවි බාලිකා විදුහල නුගේගොඩ
■ 3 වැනි ස්ථානය - විශාඛා විදුහල කොළඹ
වයස අවු 20 න් පහළ බාලිකා
■ ශූරතාව - මහමායා බාලිකා විදුහල නුගේගොඩ
■ අනු ශූරතාව - සමුද්‍රදේවි බාලිකා විදුහල නුගේගොඩ
■ 3 වැනි ස්ථානය - අල් ඉක්බාල් විදුහල වවුනියාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.