ශී‍්‍ර ලංකාවට ටෙස්ට් වරම් හිමිවීමට පෙර යුගයේ ලංකා කණ්ඩායමේ සිටි දක්‍ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයකු වූ නීල් චන්මුගම් ඊයේ (22 වැනිදා) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 74 වැනි වියේ පසුවූ චන්මුගම් මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.
දක්‍ෂ පිට දග පන්දු යවන්නකු මෙන්ම ප‍්‍රහාරාත්මක පසුපෙළ පිතිකරුවකුද වූ චන්මුගම් මහතා 1958-59 වසර වලදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කී‍්‍රඩා කළ අතර ශී‍්‍ර ලංකා පිලේ තවත් ජයග‍්‍රාහී සංචාරයක් වූ 1964 ඉන්දීය සංචාරයේදීත් ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළේය.
දේශීය තරග වලදී කොළඹ විශ්ව විද්‍යාලයීය පිලට මෙන්ම ද්‍රවිඩ සංගම් පිලටත් අනතුරුව එස්. එස්. සී. කණ්ඩායමත් නියෝජනය කළ හෙතෙම ශී‍්‍ර ලංකා කණ්ඩායම විශිෂ්ට දස්කම් දැක්වූ 1984 එංගලන්ත සංචාරයට සහභාගිවූ ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු වශයෙන් කටයුතු කළේය. අනතුරුව 1984-85 තරගවාරයේදී ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකරු වශයෙන්ද කටයුතු කළේය.
කලක් සාන්ත තෝමස් විදුහලේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් පුහුණු කිරීමටද සම්බන්ධ වූ අතර වර්ෂ 1974 වන තුරුත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වූ චන්මුගම් මහතා ලංකා කණ්ඩායමේ සිටි තවත් විශිෂ්ට ගණයේ කී‍්‍රඩකයකු වූ කර්නල් එෆ්. සී. ද සේරම් මහතාගේ බෑණනුවන්ය.
චන්මුගම් මහතාගේ දේහය කොළඹ 5, ගී‍්‍රන්ලන්ඞ්ස් මාවතේ, අංක 10/6 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 24 වැනි බ‍්‍රහස්පතින්දා පස්වරු 4.00 ට බොරැුල්ල කනත්තේදී සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.