Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිම්තරු - පෙරමඟ කණ්ඩායම් ක්‍රිකට් ශූරතා දිනති

නිම්තරු - පෙරමඟ කණ්ඩායම් ක්‍රිකට් ශූරතා දිනති

editorial - 2020 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිරිමි සහ කාන්තා ශූරතා දිනාගත් කණ්ඩායම්.

 

පන්නිපිටිය ධර්මපාල විදුහල් ආදි ශිෂ්‍ය සංගමයේ ‘පෙරමඟ දශක කණ්ඩායම’ 13 වැනි වරට සංවිධානය කළ සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ පිරිමි ශූරතාව ‘නිම්තරු කන්ස්ට්‍රක්‍ෂන්’ කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. එහි කාන්තා ශූරතාව ‘පෙරමඟ’ කණ්ඩායම ට හිමිවිය.

මෙම තරගාවලියේ පිරිමි අනු ශූරතා ‘ඇරැව්වල සමඟි’ ක්‍රීඩා සමාජය ද, කාන්තා අනු ශූරතාව ‘සියසර’ කණ්ඩායම ද, හිමිකරගත්තේය.

එම විදුහල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර සහෝදරත්වය සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂික සංවිධානය කරන මෙම තරතාවලිය පසුගියදා එම විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරාධිතයන් ලෙස පන්නිපිටිය ධර්මපාල  විදුහලේ විදුහල්පති කේ. ජී. විමලසේන මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඕෂදී රණසිංහ සහභාගි වූහ.

 

විදුහල්පති, කුසල් පෙරේරා සහ ඕෂදී රණසිංහ උත්සවයට කැඳවාගෙන පැමිණි අයුරු.

 


අදහස් (0)

නිම්තරු - පෙරමඟ කණ්ඩායම් ක්‍රිකට් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.