ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගය හයක් අද (18 වැනිදා) පැවැත්වූණි.
උතුරු මැද, දකුණ, බස්නාහිර පළාත (මධ්‍යම), ඌව, උතුර සහ මධ්‍යම පළාත් පරාජය කරමින් ජයග්‍රහණ වාර්තා කිරීමට නැගෙනහිර, බස්නාහිර දකුණ (පිටත), බස්නාහිර උතුර (පිටත), වයඹ, බස්නාහිර උතුර සහ බස්නාහිර දකුණ පළාත් සමත්වූහ.
වයඹ පළාතේ ගයන්ත වික්‍රමාරච්චී ලකුණු 21 කට කඩුලු 5 ක් සහ බස්නාහිර දකුණු කණ්ඩායමේ දිනිත් වන්නිආරච්චී ලකුණු 14 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
නැගෙනහිර පළාතට කඩුලු 6 ක ජයක්
උතුරු මැද පළාත - ඕවර 48 කදී සියලු දෙනා දැවී ලකුණු 159
(සුමිත් දේවින්ද 39, චමිදු සදුශ්ක 32/4, නිලු ආකාශ් 23/2)
නැගෙනහිර පළාත - ඕවර 37.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 160
(කවිදු ලක්ෂිත නොදැවී 65, නිලු ආකාශ් නොදැවී 24)
බස්නාහිර දකුණ- (පිටත) පිලට ලකුණු 154 ක ජයක්
බස්නාහිර දකුණ (පිටත) - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 275
(කවිදු උමයංග 73, දුමිත් නිම්හාන 67, ශෙරොන් ලියනගේ 30, කවිදු නදීශාන් 46/4, සඳුන් මෙන්ඩිස් 51/2)
දකුණු පළාත - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී ලකුණු 121
(සුදීර වීරරත්න 20, නිදුක මල්සිත් 19, රොෂාන් සංජය 18/2, ළහිරු මදුශංක 19/2, අශාන් ගිම්හාන 29/2)
බස්නාහිර උතුර (පිටත) පිලට ලකුණු 57 ක ජයක්
බස්නාහිර උතුර (පිටත) - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 198
(කෙමිර විජේනායක 57, දයාන් පංකජ 44, ජනිදු ජයවර්ධන නොදැවී 31, රසික නිර්මාල් 28/2, විරංග වික්‍රමාරච්චි 32/2, අමිත දාබරේ 25/3)
බස්නාහිර පළාත (මධ්‍යම) - ඕවර 37 කදී සියලු දෙනා දැවී ලකුණු 141
(පවන් රත්නායක 22, සදරුවන් චින්තක 28/4, කවීන් දුලංජන 12/2)
වයඹ පළාතට කඩුලු 9 ක ජයක්
ඌව පළාත - ඕවර 47 කදී සියලු දෙනා දැවී ලකුණු 163
(සචිදු මාලක 31, භාතිය ගුණතිලක 29, නවෝද් දින්සිත 28, ගයන්ත වික්‍රමාරච්චි 21/5, කවිදු රණසිංහ 13/3, ඩිල්ශාන් ප්‍රසාද් 20/2)
වයඹ පළාත - ඕවර 28 කදී කඩුල්ලක් දැවී ලකුණු 164
(චාලුක අතපත්තු නොදැවී 52, දුලාජ් අශේන් නොදැවී 60, ගයන්ත වික්‍රමාරච්චි 23)
බස්නාහිර උතුර පිලට කඩුලු 7 ක ජයක්
උතුරු පළාත - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී ලකුණු 115
(තාන්නුගන් 40, ප්‍රශාන්ත් 22, ලක්ෂාන් ගමගේ 33/2, රවීන් ද සිල්වා 28/3)
බස්නාහිර උතුර - ඕවර 21.2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 116
(ශෙවන් රසූල් නොදැවී 45, අවිශ්ක පෙරේරා 44)
බස්නාහිර දකුණට කඩුලු 7 ක ජයක්
මධ්‍යම පළාත - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී ලකුණු 87
(දුලාජ් බංඩාර 25, උවිදු විජේසුන්දර 21, දිනිත් වන්නිආරච්චී 14/5)
බස්නාහිර දකුණ - ඕවර 17.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 90
(දිනුර ප්‍රනාන්දු 31, මොහොමඞ් ඉශාක් 24, ශාන් සිරිවර්ධන 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.