‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන මුරලි සාම කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේදී කොළඹ ශා. ජෝසප් විද්‍යාලය කඩුලු 5 කින් පරදවා නාලන්ද විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය ඔඞ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
අවසන් මහා තරගය හෙට (25 වැනිදා) කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශා. ජෝසප් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 120
(රෙවන් කෙලී 25, නිපුන් සුමණසිංහ 31, පහන් පෙරේරා නොදැවී 34, ලක්ෂිත මානසිංහ 19/3, උමේක්ෂ මාන්නප්පෙරුම 23/3)
නාලන්ද විද්‍යාලය - ඕවර 19.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 126
(දිල්හාර පොල්ගම්පොල 34, ඒ. කස්තුරිආරච්චි 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.