Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා මැදි විදුහල කඩුලු 9 කින් ජයගනී

නාලන්දා මැදි විදුහල කඩුලු 9 කින් ජයගනී

ශනුක අරවින්ද - 2018 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ නල්ලදරන්කට්ටුව හැළඹවත්තවාන ජාතික පාසල අතර හලාවතදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.

එහිදී නාලන්දා මැදි විදුහලේ පසිඳු සඳරුවන් (නොදැවී 75) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම කාවින්ද දේෂාන් නොදැවී ලකුණු 30 ක් රැස්කරමින් සහ ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.  

හැළඹවත්තවාන ජාතික පාසල - ඕවර 41 කදී සියලු දෙනා දැවී 117
(රොෂාන් ක්‍රිෂාන්ත 31, කාවින්ද දේෂාන් 30/3, ශෂික සමීර 05/2, චාරුක ජනිත් 15/2, කවිෂ්ක ලක්ෂාන් 17/2)

නාලන්දා මැදි විදුහල - ඕවර 16.3 කදී කඩුල්ලක් දැවී 122
(පසිඳු සඳරුවන් නොදැවී 75, කාවින්ද දේෂාන් නොදැවී 30)

 


අදහස් (0)

නාලන්දා මැදි විදුහල කඩුලු 9 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.