Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාව ජයග්‍රාහී පිම්මක

නාලන්දාව ජයග්‍රාහී පිම්මක

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල සමත් විය. නාලන්දා ජාතික පාසල II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

දිවුලපිටියේදී පෙර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කෑගල්ල ශාන්ත මරියා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් නාලන්දා ජාතික පාසල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

 

නාලන්දා ජාතික පාසල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 8 ක් දැවී 218
(අචින්ත ගුණසේකර 81, සලිඳු පතිරණ 38, මහින්ද විජේරත්න 30, නදීක කස්තුරිආරච්චි 51/3, යෙසිත් ප්‍රියතිලක 36/2)  

ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 53
(නදුන් වීරසිංහ 5/2, අචින්ත ගුණසේකර 15/2, නවීන් පෙරේරා 15/2)


- 036

 


අදහස් (0)

නාලන්දාව ජයග්‍රාහී පිම්මක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.