Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාවට මුල් ඉනිමේ ජයක්

නාලන්දාවට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර පැවති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට නාලන්දා විදුහල සමත්විය. මෙම තරගය කොළඹ කැම්බල් පිටියේදී අද (25) අවසන් විය.

ඊයේ දිනය නිමාවන විට ධර්මපාල විදුහල ලකුණු 87 කට කඩුලූ 6 ක් දැවී අසීරු තත්ත්වයක පසුවුවද, අද දිනයේදී සාර්ථක සම්බන්ධතා කිහිපයක් ගොඩනගමින් ඔවුහු තම කණ්ඩායමේ ලකුණු මට්ටම 226 ක් දක්වා ඉහළ දමාගැනීමට සමත්වූහ.
 
නාලන්දා විදුහලේ අවිශ්ක ද සිල්වා පළමු ඉනිමේදී නොදැවී ලකුණු 87 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 51 ක් බැගින් අර්ධ ශතක රැුස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


නාලන්දා විදුහල පළමු ඉනිම -  ඕවර 70.4 කදී සියලූදෙනා දැවී 243
(අවිශ්ක ද සිල්වා නොදැවී 87, වොශාන්ත ද සිල්වා 39, සෙනුර අමරසිංහ 25, මාලිංග අමරසිංහ 24, දසුන් සෙනෙවිරත්න 20, කුෂාන් ජයලත් 31/3, තරිඳු මදුවන්ත 29/2, විමුක්ති රදැල්ල 41/2)

ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 71.4 කදී සියලූදෙනා දැවී 226
(සචිඳු පෙරේරා 54, මධුෂාන් විජේකෝන් 35, කුෂාන් ජයලත් නොදැවී 34, හිමාෂ ලියනගේ 33, ප‍්‍රෂාන් රත්නායක 30, ලහිරු විජේරත්න 43/3, වොශාන්ත ද සිල්වා 21/2, මලික් පීරිස් 40/2)

නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 37.3 කදී කඩුලූ 6 කට 143
(අවිශ්ක ද සිල්වා නොදැවී 51, මාලිංග අමරසිංහ 30, සෙනුර අමරසිංහ 17, පසිඳු කුෂාන් 40/4, කුෂාන් ජයලත් 39/2)


- 036

 


අදහස් (0)

නාලන්දාවට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.