Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාවට ගෘහස්ථ පැසිපන්දු ක්‍රීඩාංගණයක්

නාලන්දාවට ගෘහස්ථ පැසිපන්දු ක්‍රීඩාංගණයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවිනතම පහසුකම් වලින් සමන්විත ගෘහස්ථ පැසිපන්දු ක්‍රීඩාංගණයක් පසුගියදා කොළඹ නාලන්දා විද්‍යාලයේදී විවෘත කර ලදි. නාලන්දා විද්‍යාලයේ සිටි කීර්තිමත් ගුරුවරුන් තිදෙනකු වන එම්. ඩබ්ලිව්. කරුණානන්ද, කර්නල් එම්.සී.එෆ්. අබේකෝන් සහ ඩී.එස්. සේනානායක යන මහත්වරුන්ට මෙම ක්‍රීඩාංගණය පිදෙන බව එහි සිහිවටන ඵලකයේ සටහන් කර තිබේ.

රුපියල් මිලියන 16 ක වියදමක් දරමින් වෛද්‍ය තිලක් පතිරාජ මහතා ප්‍රමුඛ විද්‍යාලයේ ආදි සිසු පිරිසකගේ මූල්‍ය දායකත්වයෙන් මෙම ක්‍රීඩාංගණය ඉදිකරනු ලැබිණ. ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙසින් කර්නල් චන්දන වීරකෝන් මහතා කටයුතු කළේය. විදුහල්පති තිලක් වත්තුහේවා මහතාත්, හිටපු සිසුවියක වන සුසිලා පතිරාජ සහ ආචාර්යවරියක වන රෝහිණී වීරසිංහ යන මහත්මීහු ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම ක්‍රීඩාංගණය විවත කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

විවෘත කිරීමෙන් පසුව කොළඹ ආනන්ද විදුහල් කණ්ඩායම සහ නාලන්දා විදුහල් පිල අතර ප්‍රදර්ශන තරගයක්ද පැවැත්විණ.

 

 


අදහස් (0)

නාලන්දාවට ගෘහස්ථ පැසිපන්දු ක්‍රීඩාංගණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.