Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තයට අහිතකර සුපිරි ඕවර

නවසීලන්තයට අහිතකර සුපිරි ඕවර

editorial - 2020 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ක්‍රිකට් පිටියේ ආවේණික විශේෂාංගයක් වූ සුපිරි ඕවරය නවසිලන්තයට නම් එතරම් හිතකර ක්‍රීඩාවක් නොවේ. මේ දක්වා විස්සයි-20 තරග 7 කදී සුපිරි ඕවර 7 කට මුහුණ දී ඇති නවසීලන්තය ඒවායින් තරග හයක්ම පරාජය වී තිබේ.

නවසීලන්තය සහ ඉන්දියාව අතර ඊයේ (31 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි-20 තරගයේදීත් පිට පිට දෙවැනි වතාවටත් සුපිරි ඕවරයට මුහුණ දුන් නවසීලන්තය පරාජය විය. මෙය අන්තර්ජාතික කණ්ඩායමක් පිට පිට සුපිරි ඕවරයේදී පරාජය වූ දෙවැනි අවස්ථාව විය.

ලකුණු 166 ක් හඹා ගිය නවසීලන්තයට අවසන් ඕවරයේදී ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතුව තිබුණේ ලකුණු 7 ක් පමණි. එහෙත් ශර්දුල් ඨාකූර් විසින් යවන ලද අවසන් ඕවරයේදී කඩුලු 4 ක් අහිමි කරගත් නවසීලන්තය තරගය සමකර ගත්තේය.

සුපිරි ඕවරයේදී ලකුණු 14 ක් ලබාගත් ඉන්දියානුවෝ තරගය ජයගත්හ.

 

නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කර ඇති විස්සයි20 සුපිරි ඕවර

2008 වසරේදී - බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඕක්ලන්ඞ්හිදී (පරාජය විය)
2010 වසරේදී - ඕස්ටේලියාවට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී (ජය ලැබීය)
2012 වසරේදී - ශ්‍රී ලංකාවට එරෙහිව පල්ලෙකැලේදී (පරාජය විය)
2012 වසරේදී - බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලෙකැලේදී (පරාජය විය)
2019 වසරේදී - එංගලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී (පරාජය විය)
2020 වසරේදී - ඉන්දියාවට එරෙහිව හැමිල්ටන්දී (පරාජය විය)
2020 වසරේදී - ඉන්දියාවට එරෙහිව වෙලින්ටන්හිදී (පරාජය විය)

 

-036


අදහස් (0)

නවසීලන්තයට අහිතකර සුපිරි ඕවර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.