
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ‘බී’ තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මෙවර තරගාවලියට නවකයින් වූ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී නිමාව දුටු තෙදින අවසන් තරගය දින 2ක් තුලදී හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය විසින් ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් ලැබීය.
අවසන් තරගයේ කාසියේ වාසිය හිමිකරගත් හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 226ක් රැස් කළේය. ශ්‍රී සුමංගල ඉනිම ඉනිම ගොඩනැගීම වෙනුවෙන් ශානුක දෙනුවන් (61), තරුන් දම්සිත් (52), පවනි නිරුක්ෂාන් (43) සහ සංජන නෙතුපුල් (20) දායකවූහ. පන්දුවෙන් දස්කම් දැක්වූ ළහිරු ලක්මාල් ලකුණු 83කට කඩුලු 6ක් දවාලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තරගාවලිය පුරා පිතිකරණයෙන් දස්කම් පෑ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 61කට සීමා කිරීමට තරුන් දම්සිත් ප්‍රමුඛ ශ්‍රී සුමංගල පන්දු යවන්නන් සමත්වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ තරුන් දම්සිත් ලකුණු 8කට කඩුලු 5ක් දවාලූ අතර, ලතීන්ද්‍ර ආකාෂ් ලකුණු 17කට කඩුලු 3ක් දවාලීය.
ශ්‍රී සුමංගල පළමු ඉනිමට වඩා ලකුණු 165ක් පසුපසින් සිට පිට පිට දෙවැනි වරටත් පහරදීමට ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයට සිදුවිය. ක්‍රිස්තුරාජ විද්‍යාල දෙවැනි ඉනිම ලකුණු 176කට සීමා කිරීමට නැවතත් පන්දුවෙන් දස්කම් දැක්වූ තරුන් දම්සිත් සමත්විය.
ක්‍රිස්තුරාජ දෙවැනි ඉනිම වෙනුවෙන් ළහිරු ලක්මාල් ලකුණු 93ක් සහ නායක අවිෂ්ක නිර්මාල් ලකුණු 51ක් රැස් කළ අතර, තරුන් දම්සිත් ලකුණු 52 කට කඩුලු 8ක් දවාලමින් තරගය පුරා ලකුණු 60 කට කඩුලු 13 ක් දවාලීය.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය තම දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 15ක් රැස් කළේය
පසුගිය වසරේ තෙවැනි කොටසේ ‘ඒ’තලයේ තරගාවලියේ ශූරතාව දිනා මෙවර දෙවැනි කොටස ටියර් ‘බී’ තරගාවලියට නවකයින් ලෙස එක්වූ හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය සහ අනු ශූරතාව හිමිකරගත් ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය කණ්ඩායම් දෙකම ඉදිරි 2026/27 පාසල් ක්‍රිකට් තරගවාරයේ සිට දෙවැනි කොටසේ ‘ඒ’තලයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට උසස්වීම් ලැබූහ.
හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය: පළමු ඉනිම - 226 යි
(ශානුක දෙනුවන් 61, තරුන් දම්සිත් 52, පවනි නිරුක්ෂාන් 43, සංජන නෙතුපුල් 20, ළහිරු ලක්මාල් 83/6, ප්‍රමෝද් චාමික 23/3)
ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය - පළමු ඉනිම 61 යි
(තරුන් දම්සිත් 08/5, ලතීන්ද්‍ර ආකාෂ් 17/3, සංජන නෙත්පුල් 19/2)
ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය - දෙවැනි ඉනිම - 176 යි
(ළහිරු ලක්මාල් 93, අවිෂ්ක නිර්මාල් 51, තරුන් දම්සිත් 52/8)
හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 15 යි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.