Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව ලබන මස ආරම්භ වීමට නියමිත විස්සයි20 තරගාවලියේ පළමු තරග 2 සඳහා නම්කරන ලද සංචිතයට සුනිල් නරේන් සහ කිරන් පොලාඞ් කැදවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
සුනිල් නරේන් අවසන් වරට වසර 2 කට පෙර එංගලන්තයට එරෙහිව ජාත්‍යන්තර විස්සයි20 තරගාවලියකට සහභාගිවී ඇති අතර කිරන් පොලාඞ් පසුගිය නොවැම්බර් මාසයේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අවසන් වරට ජාත්‍යන්තර විස්සයි20 තරගාවලියකට සහභාගිවී ඇත. ඇගිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගියදා අවසන්වූ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව නරේන්ගෙන් ගිලිහී ගියේය.
“ලෝකය පුරා පැවැති විස්සයි20 තරගාවලියන්හිදී සුනිල් නරේන් සහ කිරන් පොලාඞ් හොඳින් දස්කම් දක්වා ඇති අතර ශාරීරිකව සහ මානසිකව ඔවුන් ක්‍රීඩා කිරීමට හොඳ සූදානමක පසුවන බැවින් නැවතත් කොදෙව් කණ්ඩායමට ක්‍රිඩාකිරීමට අවස්ථාවක් ලබාදෙන බව” අතුරු තේරීම් කමිටුවේ සභාපති රොබට් හේන්ස් මහතා පැවසීය.
අබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් කලින්ම ඉවත්වූ ඇන්ඞ්්‍ර රසල් මේ වනවිට සුව අතට පැමිණ ඇති බැවින් ඔහුවද සංචිතයට එක්කර ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
අත්දැකීම් බහුල සහ තරුණ ක්‍රිඩකයින්ගෙන් සංචිතය සමබරව ඇති බව හේන්ස් මහතා වැඩිදුරටත් පැවසීය.
ජේෂ්ඨ්‍ය ක්‍රීඩක ක්‍රිස් ගේල් කැනඩාවේදී පැවැත්වෙන ග්ලෝබල් විස්සයි20 තරගාවලියට සහභාගිවිමට තීරණය කිරිම හේතුවෙන් ඔහුගේ ස්ථානයට ජෝන් කැම්බල් තෝරාගෙන ඇත.
පළමු තරගය 3 වැනිදාත් දෙවැනි තරගය 4 වැනිදාත් ෆ්ලෝරීඩාහිදී පැවැත්වෙන අතර තෙවැනි තරගය 6 වැනිදා ගයනාහිදී පැවැත්වේ.
තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියක් සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් දෙරට අතර පැවැත්වීමට නියමිතව ඇත.
කොදෙව් සංචිතය
කාලෝත් බ්‍රැත්වේට් (නායක), ඇන්තනි බ්‍රැම්බල්, ජෝන් කැම්බල්, ශෙල්ඩන් කොට්ටේරල්, එවින් ලෙවිස්, සුනිල් නරේන්, කීමා පෝල්, කේරී පියරේ, කිරන් පොලාඞ්, නිකලස් පූරන්, රෝමන් පවෙල්, ඇන්ඞ්්‍ර රසල්, ඔෂේන් තෝමස්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.