Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නන්දියන්ස් ක්‍රිකට් සැණකෙළිය 16 - 17

නන්දියන්ස් ක්‍රිකට් සැණකෙළිය 16 - 17

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ‘නන්දියන්ස්’ ක්‍රිකට් සැණකෙළිය මේ මස 16 සහ 17 යන දිනවලදී අම්බලන්ගොඩ, පොල්වත්ත පියසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


එහිදී ප්‍රධාන වශයෙන් අවුරුදු 40 න් ඉහළ තරගකරුවන් සඳහා කණ්ඩායමකට 11 දෙනා බැගින් වූ තරගාවලියක් පැවැත්වෙන අතර ඊට සමගාමීව අවුරුදු 40 න් පහළ තරගකරුවන් සඳහා කණ්ඩායමකට 6 දෙනා බැගින් වූ තරගාවලියක්ද පැවැත්වේ.


මෙම තරගාවලි දෙකේම ශූරයන් සඳහා රුපියල් 40,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර අනු ශූරයන් සඳහා රුපියල් 25,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමේ. ඊට අමතරව එම තරගාවලි දෙකේම දක්ෂතම පිතිකරුවන් සහ දක්ෂතම පන්දු යවන්නන් සඳහාද, අවසන් තරගවල වීරයන් සඳහාද කුසලාන සහ සහතික පත් පිරිනැමේ.


මේ වන විට කණ්ඩායම 12 ක් තරගාවලිය සඳහා ලියාපදිංචි වී සිටින අතර තවත් කණ්ඩායම් 8 කට ඊට එක්වීම සඳහා අවස්ථාව තිබේ. 071 1345134 (ඉෂාන්), 071 8048622 (ජගත්) සහ 077 7820869 (රනුෂ්) යන දුරකථන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

-036


අදහස් (0)

නන්දියන්ස් ක්‍රිකට් සැණකෙළිය 16 - 17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.