(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ දේවානන්ද විදුහල අතර පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 141 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය. ධර්මාශෝක විද්‍යාලය පිට පිටම එක්දින තරගය ජයගත් දෙවැනි අවස්ථාව මෙයයි. මෙවර එක් දින ක්‍රිකට් තරගයේදී ධර්මාශෝක විදයාලයේ ජයග්‍රහණයේ නියමුවන් වූවේ නායක ජිතිර සංසික සහ ඔමේග කරුණාරත්න යන දෙදෙනාය.
ජිතිර සංසික ලකුණු 71 ක් ලබාගත් අතර ඔමේග කරුණාරත්න ඔහුට අනගි සහයෝගයක් ලබාදෙමින් නොදැවී ලකුණු 70ක් ලබාගත්තේ ධර්මාශෝක විද්‍යාලයට නියමිත ඕවර 50 දී ලකුණු 276 ක් එක් කරමිනි.
දේවානන්ද විද්‍යාලයට ලබාගත හැකිවූවේ ඕවර 37.2 ලකුණු 135ක් පමණි .දේවානන්ද විද්‍යාලයේ සවීන් තියුනුවන් ලබාගත් ලකුණු 25 හැරෙන්නට දේවානන්ද විද්‍යාලයේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට ධර්මාශෝක පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.
ධර්මශෝක විද්‍යාලය - ඕවර 50 කදී කඩලු 7 ක් දැවී 276 යි
(ජිතිර සංසික 71, ඔමේග කරුණාරත්න නොදැවී 71, සවීන් තියුනුවන් 39/2)
දේවානන්ද විද්‍යාලය ඕවර් 37.2 කදී සියලුදෙනාම දැවී 135 යි
(සවීන් තියුනුවන් 25, චන්දූප කවීෂ 19/3, රෙෂිත ද සිල්වා 36/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.