Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මාලෝකය පළමු ඉනිම කඩුලු 8ට 156

ධර්මාලෝකය පළමු ඉනිම කඩුලු 8ට 156

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කැලණිය ධර්මාලෝක විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවැති තරගයේ පළමු දිනය වන ඊයේ (26) දිනය නිමා වන විට අශෝක විදුහල ලබාගත් ලකුණු 143 ට පිළිතුරු වශයෙන් ධර්මාලෝක විදුහල කඩුලූ 8 ක් දැවී ලකුණු 156 ක් ලබාසිටියේය.

ධර්මාලෝක විදුහලේ නිෂාන් හසරැල් ලකුණු 39 කට කඩුලූ 6 ක් දවාගනිමින් අශෝක විදුහලේ පළමු ඉනිම ලකුණු 143 කට සීමාකළේය.

අශෝක විදුහලේ මලිඳු මධුරංග ලකුණු 50 ක් රැස්කරමින් සහ ලකුණු 14 කට කඩුලූ 4 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට සමත්විය. තරගය ඊයේ සහ අද (26-27) කොස්වත්තේදී පැවැත්වේ.

අශෝක විදුහල පළමු ඉනිම - ඕවර 43 කදී සියලූ දෙනාම දැවී 143
(මලිඳු මධුරංග 50, දිෂාන් පොන්නම්පෙරුම 22, නිෂාන් හසරැල් 39/6)

ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 40.3 කදී කඩුලූ 8 කට 156
(පුන්සර විමලගුණවර්ධන 67, තරිඳු ද සිල්වා 33, මලිඳු මධුරංග 14/4, මලිඳු දිසානායක 64/3)

 

- 036

 


අදහස් (0)

ධර්මාලෝකය පළමු ඉනිම කඩුලු 8ට 156

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.