Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මසේන - රණවීර යුගළ ශූරතාව දිනති

ධර්මසේන - රණවීර යුගළ ශූරතාව දිනති

ශනුක අරවින්ද - 2017 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඩී. එස්. ධර්මසේන සහ ආර්. ඒ. රණවීර සමත් වූහ.

අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ප්‍රංශයේ ඬේවිඞ් ඩැල්මසෝ සහ ඕස්ට්‍රේරලියාවේ ස්ටීවන් රොචෙකොස්ට් පරාජය කරමින් ධර්මසේන සහ රණවීර ශූරතාවට හිමිකම් කීහ. එම තරගයේ ලකුණු තත්ත්වය 6/2 ක් සහ 6/2 ක් ලෙස සටහන් විය.

අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස (7/5, 6/1) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනා වන ගාමිණී දිසානායක සහ උපාලි රාජකරුණා පරාජය කරමින් ධර්මසේන සහ රණවීර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඩැල්මසෝ සහ රොචෙකොස්ට් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තරග වට 2-1 ක් ලෙස (4/6, 6/4, 10/7) මැලේසියාවේ සකුවාන් ඇරිෆින් සහ සමා බෝර්හාන් පරාජය කරමිනි.

මෙම තරගාවලියේ මූලික වටය සඳහා කණ්ඩායම් 12 ක් සහභාගි වූ අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 8 ක්ද, මැලේසියාව නියෝජනය කරමින් කණ්ඩායම් 2 ක්ද, දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් එක් කණ්ඩායමක්ද, ප්‍රංශය සහ ඕස්ට්‍රේරලියාව නියෝජනය කරමින් එක් කණ්ඩායමක්ද ඇතුලත් විය.

මෙම තරගාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට ප්‍රංශයේ ඬේවිඞ් ඩැල්මසෝ සමත් වූ අතර ශ්‍රී ලංකාවේ ගාමිණි දිසානායක තරග වට 3-1 ක් ලෙස (6/1, 3/6, 11/9) අවසන් මහ තරගයේදී ඩැල්මසෝ හමුවේ පරාජයට පත් විය. කේවල තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයෝ 32 ක් සහභාගි වූහ.

 


අදහස් (0)

ධර්මසේන - රණවීර යුගළ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.