
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ධර්මරාජ විදුහලත් කිංස්වුඩ් විදුහලත් අතර මේ මස 14 සහ 15 යන දෙදින තුළ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මහ ක්‍රිකට් තරගය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ බව සංවිධායක කමිටුව කියයි.
කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය නමින් හැඳින්වෙන එම මහා ක්‍රිකට් තරගය මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ 114 වැනි වරටය.
මෙම තරඟය පසුගිය වසරේ දී ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.