මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැති 108 වැනි ‘කදුරට මහ ගැටුම’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් ලැබීමට ධර්මරාජ විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ.
වෙනුක ගලහිටියාව (18/7) ප‍්‍රමුඛ ධර්මරාජ විදුහල් පන්දු යවන්නෝ කිංග්ස්වුඞ් විදුහල් දෙවැනි ඉනිම ලකුණු 79 කට සීමා කරමින් ජයග‍්‍රහණයට මග සකස්කර ගැනීමට සමත් වූහ.
වෙනුක ගලහිටියාව මුළු තරගයේදී ලකුණු 81 කට කඩුලූ 9 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය.
කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම ඕවර 63 කදී සියලූ දෙනා දැවී 203 (මිහිඳුම් වීරසිංහ 44, රුවන්ත හතුරුසිංහ 43, සුපුන් බණ්ඩාර 30, දිනෙත් ලංකා 52/5, වෙනුක ගලහිටියාව 63/2, සපුමල් තෙන්කෝන් 15/2) සහ දෙවැනි ඉනිම ඕවර 47.1 කදී 79 (ශානුක රත්නායක 20, තරිඳු ලියනගේ 23, වෙනුක ගලහිටියාව 18/7, සපුමල් තෙන්නකෝන් 12/3)
ධර්මරාජ විදුහල පළමු ඉනිම ඕවර 65.5 කදී සියලූ දෙනා දැවී 229 (ජයපත්ම තෙන්නකෝන් 30, චන්දිමාල් ද සිල්වා 55, කාවින්ද රත්නායක 38, දිනෙත් ලංකා 29, තනූෂ වේරගොඩ 23, තරිඳු ලියනගේ 45/5, දමින්ද වීරකෝන් 56/3) සහ දෙවැනි ඉනිම ඕවර 8 කදී කඩුලූ 1 ට 54 (රමේෂ් රණසිංහ නොදැවී 31, ජයපත්ම තෙන්නකෝන් නොදැවී 14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.