Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මදූතය ලකුණු 117 ක් ඉදිරියෙන්

ධර්මදූතය ලකුණු 117 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බදුල්ල ඌව මහා විද්‍යාලය සහ ධර්මදූත මහා විද්‍යාලය අතර බදුල්ල කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 58 වැනි ඌව මහා සංග‍්‍රාමයේ පළමු දිනය වූ අද (01 වැනිදා) පස්වරුවේ තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඌව මහා විදුහල් කණ්ඩායම කඩුලූ තුනක් දැවී ලකුණු 37ක් ලබා සිටියේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ධර්මදූත කණ්ඩායම පන්දුවාර 53.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 154ක් ලබා ගැනීමට සමත්විය. ඒ අනුව ඌව මහා විද්‍යාලය කඩුලූ 7 ක් ඇතැතිව ධර්මදූත විද්‍යාලයට වඩා ලකුණු 117ක් පිටුපසින් සිටියි.

කාසිය වාසිය දිනාගත් බදුල්ල ඌව මහා විද්‍යාලයේ නායකයා මුලින්ම පන්දුවට පහරදීමට ධර්මදූත විද්‍යාලයට ආරාධනා කර සිටියේය.

ධර්මදූත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වූ මධුරංග ගලප්පත්ති වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී ලකුණු 59ක් ලබා ගත් අතර උදන්ත දේශාන් පන්දු 99කදී  ලකුණු 42 ක් රැස්කර ගත්තේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඌව මහා විද්‍යාලයේ ෂෙනාල් පෙරේරා ලකුණු 12 ට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත්වූ අතර ළහිරු උදේශික ලකුණූ 43 කට කඩුලූ 3 ක් දවා ගත්තේය.

 

බදුල්ල ධර්මදූත විද්‍යාලය - පළමු ඉනිම ඕවර 53.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 154
(මධුරංග ගලප්පත්ති 59, උදන්ත දේශාන් 42, ඩිලාන් නිමේෂ් 27, ෂෙනාල් පෙරේරා 12/3, ළහිරු උදේශික 43/3)

ඌව මහා විද්‍යාලය - පළමු ඉනිම  ඕවර 17.3 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 37
(මොහොමඞ් රවුෆාන් 15/2)

 


අදහස් (0)

ධර්මදූතය ලකුණු 117 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.