Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධනංජය - චරිත් - චාමික නුවර යති

ධනංජය - චරිත් - චාමික නුවර යති

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පල්ලෙකැලේදී පැවැත්වෙන ආරාධිත ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ධනංජය ද සිල්වා, චරිත් අසලංක සහ චාමික කරුණාරත්න තිදෙනා මේ වන විට මහනුවරට ළඟා වී සිටිති. ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලියෙන් පසුව විවේක ගැනීම හේතුවෙන් මෙම තිදෙනාම මෙතෙක් පැවැති තරග වලට සහභාගි නොවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

ධනංජය ද සිල්වා බ්ලූස් (නිල්) කණ්ඩායමේ නායකයා වන අතර චරිත් අසලංක ග්‍රේස් (අළු) කණ්ඩායමේ උපනායකයාය. චාමික කරුණාරත්න රෙඞ්ස් (රතු) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ක්‍රීඩකයන් තිදෙනාටම පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකක් බැගින් කිරීමට නියමිත අතර එම පී.සී.ආර්. පරීක්‍ෂණ දෙකින්ම සමත් වන්නේ නම් ඔවුන් හෙට දිනයේදී පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.

දිනේෂ් චන්දිමාල්ගේ ‘රෙඞ්ස්’ පිල සහ අශාන් ප්‍රියන්ජන්ගේ ‘ග්‍රීන්ස්’ පිල අතර තරගය හෙට පස්වරු2.30 ට පැවැත්වේ.

ධනංජය ද සිල්වාගේ ‘බ්ලූස්’ කණ්ඩායමත් දසුන් ශානකගේ ‘ග්‍රේස්’ කණ්ඩායමත් අතර තරගය හෙට පස්වරු 7.00 ට ආරම්භ වේ.


- 213


අදහස් (0)

ධනංජය - චරිත් - චාමික නුවර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.