Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිල්ෂාන් - මධුරංගි දක්ෂතම කී‍්‍රඩක සම්මාන දිනති

දිල්ෂාන් - මධුරංගි දක්ෂතම කී‍්‍රඩක සම්මාන දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා ඇගැයිම සදහා ගුවන් හමුදා කී‍්‍රඩා සභාව සංවිධානය කළ ගුවන් හමුදා වර්ණ ප‍්‍රදානෝත්සවයේදී 2013 වසරේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ‘වර්ථරාසා’ ශුරතා කුසලාන දිනාගැනීමට ගැනීමට ගුවන් හමුදා බොක්සිං කී‍්‍රඩක කෝප‍්‍රල් එම්. වයි. එම්. දිල්ෂාන් සමත්විය.

මේසපන්දු කී‍්‍රඩිකා නායක ගුවන් කාන්තා එම්. බී. අයි. මධුරංගි, 2013 වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ‘ෆ්ලයිටි ලෙෆ්ටිනන් අබේවීර ගුණවර්ධන’ ශුරතා කුසලාන දිනාගැනිමට ගැනීමට සමත්වූවාය.

මෙහිදී 2012 වසරේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ‘වර්ථරාසා’ ශුරතා කුසලාන දිනාගැනීමට ගැනීමට ගුවන් හමුදා හොකී කී‍්‍රඩක කෝප‍්‍රල් සී. එම්. ටී. ඞී. රත්නසිරි සමත් වු අතර 2012 වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ‘ෆ්ලයිටි ලෙෆ්ටිනන් අබේවීර ගුණවර්ධන’ ශුරතා කුසලාන දිනාගැනීමට දැල් පන්දු කී‍්‍රඩිකා කාන්තා කැඩෙට් නිලධාරිනී සී. එස්. ඩබ්ලිව්. ජයසූරිය සමත්වූවාය.

ඉකුත් වසර දෙක තුළ ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජාතික හා ජාත්‍යයන්තර තරගාවලි වලදී ලද ජයග‍්‍රහණ සැලකිල්ලට ගනිමින් මෙම වර්ණ හා ශූරතා කුසලාන පිරිනැමිණ.

රත්මලාන ගුවන් හමුදා ‘ඊගල්ස් ලේක්සයිට්’ උත්සව ශාලාවේදී පැවැති මෙම වර්ණ ප‍්‍රදානෝත්සවය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක, රොෂාණී ගුණතිලක සහ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්ම මහත්මීන් ඇතුළු ගුවන් අධක්ෂ මණ්ඩළයේ නිලධාරින් මෙන්ම කි‍්‍රඩක කි‍්‍රඩිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.

036


අදහස් (0)

දිල්ෂාන් - මධුරංගි දක්ෂතම කී‍්‍රඩක සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.