රත්ගම මහජන කී‍්‍රඩාංගණයේ පැවැති තරගයකදී කොලොන්නාව හෙන්රි ඕල්කට් මහ විදුහල ලකුණු 194 කින් පරාජය කළ රත්ගම දේවපතිරාජ විදුහල, වයස 19 න් පහළ III වැනි කාණ්ඩයේ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
තරගය ජය ගැනීම සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය හෙන්රි ඕල්කට් මහ විදුහලට සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 83 ක් පමණි.
පන්දුවෙන් දස්කම් දැක්වූ අවිශ්ක ගිම්හාන ලකුණු 8 කට හෙන්රි ඕල්කට් මහ විදුහලේ කඩුලූ 3 ක් දවාගත්තේ කඩුලූ ති‍්‍රත්වයක්ද සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් දේපතිරාජ විදුහල වෙනුවෙන් රිමිඳු නිකේෂල ශතකයක් ලබාගත් අතර පන්දු 89 ක් තුළ වාර්තාවූ එම වේගවත් ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය.
රත්ගම දේවපතිරාජ විදුහල - ඕවර 50 කදී කඩුලූ 8 කට 277
(රමිඳු නිකේෂල 104, රවීන් යසස් 50, නිලංක රුක්ෂිත 46, උදේෂ් මධුසංක 14, චතුර ලක්ෂාන් 11, කුමාර ජයවර්ධන 60/3)
හෙන්රි ඕලකට් මහ විදුහල - ඕවර 28.4 සියලූ දෙනා දැවී 83
(ගිම්හාන මධුසංක 30, හර්ෂණ කාවින්ද 18, අවිෂ්ක ගිම්හාන 8/3, දිල්ෂාන් කාංචන 25/3, ළහිරු මධුවන්ත 14/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.