ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ දෙවැනි අදියරේ බාලක සහ බාලිකා අවසන් පූර්ව තරග හෙට (9 වැනිදා) ටෙනිස් සංගම් මූලස්ථාන ක්රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ බාලක අවසන් පූර්ව වටය සඳහා නේලක දිසානායක, ශයින් ටෝකස් (ඉන්දියාව), කවිෂ්ක ගාල්ලගේ සහ තෙහාන් විජේමාන්න සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරගවලදී නේලක දිසානායකට එරෙහිව ශයින් ටෝකස්ද, කවිෂ්ක ගාල්ලගේට එරෙහිව තෙහාන් විජේමාන්නද තරග වැදීමට නියමිතය.
තරගාවලියේ බාලිකා අවසන් පූර්ව වටය සඳහා අංජලිකා කුරේරා, ශෲතී ඛන්නා (ඉන්දියාව), තරණි ඇලෙක්සැන්ඩර් සහ ඔනෙලි පෙරේරා සුදුසුකම් ලබා සිටිති. ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරගවලදී අංජලිකා කුරේරාට එරෙහිව ශෲතී ඛන්නාද, තරණි ඇලෙක්සැන්ඩර්ට එරෙහිව ඔනෙලි පෙරේරාද තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.