Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙවැනි වටයේදී නේලකට පහසු ජයක්

දෙවැනි වටයේදී නේලකට පහසු ජයක්

ශනුක අරවින්ද - 2017 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ පළමු අදියර යටතේ අද (1 වැනිදා) පැවැති දෙවැනි වටයේ තරගයකදී සයිද් සිහාර්ට එරෙහිව පහසු ජයක් වාර්තා කිරීමට නේලක දිසානායක සමත් විය.

එහිදී වට 2-0 ක් ලෙස සයිද් සිහාර් පරාජය කරමින් නේලක දිසානායක තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර එම තරගයේ ලකුණු සංඛ්‍යාව 6/0 ක් සහ 6/0 ක් ලෙස සටහන් විය.

නේලක දිසානායක සමගින් අද පැවැති දෙවැනි වටයේ තරගවලදී ජය ලබා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ඉන්දීය ක්‍රීඩකයෙක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (2 වැනිදා) ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මූලික වටයේ තරග ප්‍රතිඵල

■    චාතූර්ය නිලවීර විසින් තරග වට 2-0 ක් ලෙස අනුජය අබේවික්‍රම පරාජය කරන ලදි. (6/2, 6/0)
■    කවිෂ්ක ගාල්ලගේ විසින් තරග වට 2-0 ක් ලෙස රාකේෂ් රත්නසිංහම් පරාජය කරන ලදි. (6/4, 7/5)
■    ක්‍රිෂැග් රඝුවන්ෂි (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස තිළින දිසානායක පරාජය කරන ලදි. (6/2, 6/1)
■    සහන් විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස ෂෙනොවින් තුඩුහේන පරාජය කරන ලදි. (6/2, 6/4)
■    වෙනුක ආරච්චිගේ විසින් තරග වට 2-0 ක් ලෙස නිතිල ගුණතිලක පරාජය කරන ලදි. (6/2, 6/1)
■    තෙහාන් විජේමාන්න විසින් තරග වට 2-0 ක් ලෙස ජයිත්‍ර ද සේරම් පරාජය කරන ලදි. (6/2, 6/0)
■    අනුත් විජේසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස අකිර පෙරේරා පරාජය කරන ලදි. (6/3, 6/2)
■    නේලක දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස සයිද් සිහාර් පරාජය කරන ලදි. (6/0, 6/0)

 


අදහස් (0)

දෙවැනි වටයේදී නේලකට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.