Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෙපිලටම දෝලනය වූ කදිම තරගයක්

දෙපිලටම දෝලනය වූ කදිම තරගයක්

ශනුක අරවින්ද - 2014 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඕවර 50.0 - ට්‍රෙඩ්වෙල්ට එක ලකුණයි..තරගයේ ජයග්‍රහණට ශ්‍රී ලංකාවට

ඕවර 49.5 - ට්‍රෙඩ්වෙල්ට ලකුණක් ලබාගත නොහැකි වෙයි

ඕවර 49.4 - බට්ලර් දුවද්දී දැවී යයි - පන්දු යැවූ මාලිංග පන්දුව රැකගනිමින් පන්දු යවන්නාගේ කඩුල්ල වෙත දිවවිත් කඩුල්ල බිඳ දමයි...තවත් පන්දු 2 කින් ලකුණු 9 ක් ආරක්ෂා කරගත යුතුයි..

ඕවර 49.3 - බට්ලර්ට ලකුණු 2 යි...බට්ලර් දුවද්දී දවා ගැනීමේ අසීරු අවස්ථාවක්..සංගක්කාරගේ ප්‍රබල උත්සාහයක්

ඕවර 49.2 - ඩිල්ෂාන්ගේ උඩපන්දුවකින් ජෝර්ඩ්න් දැවී යයි..තවත් පන්දු 4 කදී ලකුණු 11 ක් ආරක්ෂා කරගත යුුතුයි

ඕවර 49.1 - බට්ලර්ට එක ලකුණයි..

ඕවර 49 - 289/6

කුලසේකරගේ ඕවරයෙන් ලකුණු 8 යි.. ශ්‍රී ලංකා පිල අවසන් ඕවරයේදී ලකුණු 12 ක් නොදී ආරක්ෂා කරගත යුතුයි..පන්දුව මාලිංග අතේ...

ඕවර 48 - 281/6

මාලිංගගේ ඒ ඕවරයෙන් ලකුණු 10 යි..තවත් පන්දු 12 කදී ලකුණු 20 ක් ආරක්ෂා කරගත හැකි වේද?

ඕවර 47 - 271/6

මෙන්ඩිස්ගේ ඒ ඕවරයේදී ලකුණු 6 යි. එංගලන්තය තවත් පන්දු 18 කදී ලකුණු 30 ක් ගත යුතුයි.

ඕවර 46 - 265/6

කුලසේකරගේ ඒ ඕවරයේදී ජොස් බට්ලර්ගෙන් ලකුණු 20 ක්. ජොස් බට්ලර්ගෙන් කුලසේකරට පිට පිටම හයේ පහර දෙකක්..දැන් බට්ලර්ව නවත්ත ගන්න ඕනෑ.

ඕවර 45 - 245/6

ඕවර 44.4 - බොපාරා දැවී යයි  - 244/6

මෙන්ඩිස්ගේ පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට ගිය බොපාරාගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ඉහළ යයි. ෂෝට් ස්ක්වෙයාර් ලෙග් හි සිටි තිරිමාන්නට පහසු උඩපන්දුවක්

ඕවර 44 - 239/5

මාලිංග යැවූ ඕවරයෙන් ලකුණු 6 ක් පමණයි..තත්ත්වයේ හැටියට හොඳයි..ඒත් බොපාරා තවම ඉන්නවා..මාලිංගට පහර දෙන හැටි හොඳටම දන්න කෙනා තමයි බොපාරා..

ඕවර 43 - 233/5

සේනානායකගේ ඒ ඕවරයෙන් ලකුණු 3 ක්  පමණයි..ඉතාම සාර්ථක පන්දු යැවීමක්. එංගලන්ත ජයග්‍රහණයට පන්දු 42 කින් ලකුණු 68 ක් ඕනෑ

ඕවර 42 - 230/5

කුලසේකරගේ ඒ ඕවරයෙන් ලකුණු 10 ක්..දැන් දැන් තරගය ශ්‍රී ලංකා පිලෙන් ඈතට ඇදී ගෙන යනවා. එංගලන්ත ජයග්‍රහණයට පන්දු 48 කින් ලකුණු 71 ක් ඕනෑ

ඕවර 41 - 220/5

ඒ ඕයරයේදී ලකුණු 11 ක්. රවී බොපාරා හැමදාමත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොඳින් පහර දෙන පිතිකරුවෙක්..තරගය ජයගන්න නම් බොපාරා දවාගත යුතුයි..මෙයා අමාරුකාරයා...

ඕවර 40 - 209/5

අධිවේගී ඕවර පහේදී පන්දු 30 කින් ලකුණු 50 ක්. වඩාත් වැදගත් වන්නේ කඩුලු අහිමි කර නොගැනීමයි

ඕවර 37 - 180/5

ඕවර 2 කින් ලකුණු 21 ක් ගත්තා...මේ අතරේ ජෝ රූට් එයාගේ අර්ධ ශතකයත් සම්පූර්ණ කරන්නේ දැවැන්ත හයේ පහරකින්. ඒ අර්ධ ශතකයට ඔහු මුහුණ දෙන්නේ පන්දු 34 කට පමණයි.

ඕවර 35 - 159/5

අධිවේගී ඕවර 5 ආරම්භ කරන්නයි යන්නේ..පන්දුව මාලිංග අතේ..

ඕවර 34 - 153/5

ජොස් බට්ලර් සහ රවී බොපාරා දෙන්නා එක්ව සටනක් දෙන්නයි වගේ සූදානම. අවශ්‍ය ලකුණු වේගය ඕවරයකදී ලකුණු 9.15

ඕවර 28.2 - මෝගන් දැවී යයි - 111/5

සේනානායකගේ පන්දුවකට ස්වීප් පහරක් ගැසීමට ගිය මෝගන් ස්ටම්ප් කිරීමට හසුවෙයි.

ඕවර 27.2 - ජෝ රූට් දැවී යයි - 107/4

මැතිව්ස්ගේ පන්දුවකට ගැසූ පුල් පහරකින් ඉහළ ගිය උඩපන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග් හි සිට අජන්ත මෙන්ඩිස් රැකගනී

ඕවර 25 - 101/3

ඉනිමේ හරි අඩක් අවසන්...එංගලන්ත ජයග්‍රහණයට තවත් ලකුණු 201 ක් ඕනෑ..අවශ්‍ය ලකුණු වේගය ඕවරයකදී ලකුණු 8 ක් ඉක්මවනවා..

ඕවර 23.2 - බැලන්ස් දැවී යයි - 94/3

අජන්ත මෙන්ඩිස් හමුවේ රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට ගිය බැලන්ස් සංගාට උඩපන්දුවක් දීමෙන් දැවී යයි..

ඕවර 23 - 93/2

ජෝ රූට් සහ ගැරී බැලන්ස් දෙදෙනා සම්බන්ධතාවක් ගොඩනඟනවා...ලකුණු ගලා එන්නේ ටිකක් සෙමින් වුවත් මේ වන විට තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 83 යි.

ඕවර 20 - 80/2

එංගලන්ත පිතිකරුවන් හීන් සීරුවේම ගමනේ...මේ වැඩේ ටිකක් භයානකයි..ඉක්මනින්ම තවත් කඩුල්ලක් දෙකක්  දවාගත්තේ නැත්නම් අවසානයේ ටිකක් කරදර වෙන්න පුළුවන්

ඕවර 18 - 71/2

අජන්ත මෙන්ඩිස් පන්දුව අතට ගනී...ඒ ඕවරයේදී ලකුණු 5 ක් ආවත් අවශ්‍ය ලකුණු වේගය මේ වන විට ඕවරයකට ලකුණු 7 ක් ඉක්මවා ගිහින්...

ඕවර 15 - 58/2

සේනානායක අපූරු පන්දු යැවීමක...මේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී..තවමත් මැයි මාසය ඉවර වෙලා නෑ..ඒත් සේනානායක පන්දුව ඉතාමත් හොඳින් පන්දුව දඟ කවනවා...මේ තත්ත්වය ටෙස්ට් තරගාවලිය සඳහා ඉතාමත් යෝග්‍යයි. ඔහුගේ ඕවර 3 න් තවමත් ලබාගෙන ඇත්තේ ලකුණු 16 ක් පමණයි

ඕවර 13.2 - 50/2

එංගලන්ත පිල ලකුණු 50 පසුකරයි... ජෝ රූට් දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාවක් මැතිව්ස් අතින් ගිළිහී යයි...

ඕවර 10 - 34/2

මැතිව්ස්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක්...

ඕවර 7.1 - 23/2

මාලිංග, ගැරී බැලන්ස්ට යැවූ යෝකර් පන්දුව පන්දු කෙළින්ම කඩුල්ලේ වදී.. ඒත් අවාසනාවකට මෙන් පෙර පන්දුව නිපන්දුවක් වීම නිසා ‍මෙය දැවී යාමක් නොවේ..

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී එංගලන්තය සාර්ථකව හඹාගිය වැඩිම ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ට ලකුණු 245 කි. එය 1988 ශ්‍රී ලංකා පි‍ල එංගලන්ත‍ සංචාරයේදී ලන්ඩන් ඕවල් පිටියේ පැවති තරගයකදීය.

ඕවර 7 - 21/2

නවක පිතිකරුවන් දෙදෙනා ලකුණු රැස් කිරීමේ උත්සහයක... ගැරී බැලන්ස් (6), ජෝ රූට් (3)...

ඕවර 4.1 - 10/2

කුලසේකරගේ පන්දුවක් හමුවේ කඩුලු රකිමින් සිටින කුමාර සංගක්කාර අතට උඩපන්දුවක් දෙමින් ගැරී බැලන්ස් දැවී ගිය ලෙස විනිසුරු වරයා සඥ්ඥා කරයි. එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමයට යොමුකළ ගැරී බැලන්ස් තෙවැනි විනිසුරුගේ තීරණය අනුව එය දැවී යාමක් නොවන බව ඔප්පු කරයි. පන්දුව පිත්තේ වැදී නොව පිත්ත පා ආවරණයේ වැදී ශබ්ධයක් නිකුත් වූ බව ඉන් හෙළිවෙයි...

ඕවර 3.2 - බෙල් දැවී යයි - 10/2

ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ම‍හේල ජයවර්ධනගේ අතට උඩ පන්දුවක් දෙමින් ‍ඉයන් බෙල් දැවී යයි. ඒ අනුව එංගලන්ත ආරම්භක පිතිකරැවන් දෙදෙනාම ලකුණු 10 ක් තුළ ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට මාලිංග සමත්වෙයි.

ඕවර 1.1 - කුක් දැවී යයි - 3/1

ලසිත් මාලිංගගේ පළමු පන්දුවෙන්ම ඇලෙස්ටෙයාර් කුක් දැවී යයි. කුක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීම සදහා මාලිංග කළ ඉල්ලීම විනිසුරැවන් ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහු විනිසුරු තීරණ විමසීමේ ක්‍රමය උපයෝගී කරගනී. එම ඉල්ලීම නැවත වරක් සලකා බැලූ තෙවැනි වින්සුරු ක්‍රිස්‍ ගැෆනි මහතා එය දැවී යාමක් ලෙස සදහන් කරයි...

ඕවර 1 - 3/0

කුලසේකරගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි. ශ්‍රී ලංකා පිලෙන් හොද පන්දු යැවීමක් වගේම සාර්ථක ආරම්භයක්...

එංගලන්ත ආරම්භක පිතිකරැවන් දෙදෙනා ඇලෙස්ටෙයාර් කුක් සහ ඉයන් බෙල් පිටියට එති... පළමු ඕවරය යැවීම සදහා නුවන් කුලසේකර සූදානම්...

ඕවර 50 - 300/9

ඉනිම‍මේ අවසන් පන්දුවට අජන්ත‍ මෙන්ඩිස් එල්ල කළ හතරේ පහරත් සමගින් ශ්‍රී ලංකා පිලේ මුලු ලකුණු සංඛ්‍යාව 300 ක් දක්වා ඉහළ නගී. එංගලන්තයට ලකුණු 301 ක ඉලක්කයක්...

ඕවර 48.4 - සේනානායක දැවී යයි - 296/9

හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 12 ක් ලබා සිටි ‍සචිත්‍ර සේනානායක ඇලෙස්ටෙයාර් කුක් අතට උඩ පන්දුවක් දෙමින් දැවී යයි. මෙය ගාර්නිගේ සිව්වැනි කඩුල්ලයි...

ඕවර 49.3 - ප්‍රියන්ජන් දැවී යයි - 292/8

හැරී ගාර්නිගේ පන්දුවකට ඉයන් මෝගන් අතර උඩපන්දුවක් ‍දෙමින් අෂාන් ප්‍රියන්ජන් දැවී යයි... 

ඕවර 48.4 - කුලසේකර දැවී යයි - 280/7

‍ජොදාන්‍ යැවූ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීම නිසා නුවන් කුලසෙකර දැවී යයි.. එංගලන්ත පන්දු යවන්නන් එක දිගටම ප‍ා ඉන්න කෙළින් පන්දු යැවීමේ උත්සහයක...

ඕවර 48.1 - මැතිව්ස් දැවී යයි - 279/6

ක්‍රිස් ජොදාන්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඔන්හි පන්දු රකිමින් සිටි ජේම්ස් ඇන්ඩසන් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් දැවී යයි. දැවී යන විට මැතිව්ස් පන්දු 30 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් ලබා සිටියේය.

ඕවර 48 - 279/5

හතළිස් හත්වැනි ඕවරයේ පස්වැනි සහ හයවැනි පන්දු 2 ට මැතිව්ස්ගෙන් පිට පිට හතරේ පහර 2 ක්..

ඕවර 46.2 - තිරිමාන්න දැවී යයි - 261/5

ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ ගැරී බැලන්ස් අතට උඩ පන්දුවක් දෙමින් ලහිරු තිරිමාන්න දැවී යයි. තරගාවලියේ මෙ‍තෙක් පැවති තරග 4 දීම තිරිමාන්න දැවී ගොස් අැත්තේ ඇන්ඩසන්ගේ පන්දු හමුවේ වීම කැපීපෙනෙන සිදුවීමකි. එහිදී ඇන්ඩසන් තිරිමාන්නට පන්දු 43 ක් යවා ඇති අතර තිරිමාන්න එම පන්දු 43 දී රැස්කරගෙන ඇත්තේ ලකුණු 8 ක් පමණි.

ඕවර 45 - 249/4

කඩුලු 6 ක් අතැතිව තිබියදිත් ශ්‍රී ලංකා පිල අවසන් ඕවර 5 දී ලබාගෙන ඇත්තේ ලකුණු 32 ක් පමණයි.

ට්‍රෙඩ්වෙල්ගේ ඕවර 10 දී ශ්‍රී ලංකා පිතිකරැවන්ට රැසකර ගත හැකිවූ‍යේ ලකුණු 39 ක් පමණයි. මෙවන් තණතීරුවක එය හොද පන්දු යැවීමක්

ඕවර 41.1 - සංගක්කාර දැවී යයි - 233/4

ජේම්ස් ට්‍රෙඩ්වෙල්ගේ පන්දුවක් හමුවේ හයේ පහරක් ගැසීමට තැත්කළ කුමාර් සංගක්කාර ජොස් බට්ලර්ගේ දක්ෂ කඩුලු රැකීම නිසා ස්ටම්ප් කිරීමකට හසුව දැවී යයි...

ඕවර 41 - 233/3

හතලිස් වැනි ඕවරයේ පළමු සහ ‍තෙවැනි පන්දු වලට ඇන්ජලෝ මැතිව්සගෙන් හතරේ පහර 2 ක්...

අදිවේගී ඕවර 5 දී ශ්‍රී ලංකා පිල කඩුල්ලු 2 ක් දැවී ලබාගත්තේ ලකණු 24 ක් පමණයි

ඕවර 39.3 - මහේල දැවී යයි - 217/3

හැරී ගානිගේ හිසට ඉහළින් පන්දුව හතරේ සීමාවට යැවූ සංගක්කාර වඩාත් බර පිත්තක් ඉල්ලා සිටිනවා..ඊළඟ පන්දුවේදී ඇන්ඩසන්ට පහසු උඩපන්දුවක් දෙමින් මහේල දැවී යනවා..

ඕවර 39 - 212/2

සංගක්කාර ලෝඩ්ස් පිටියේදී පළමු එක්දින ශතකය ලබාගත්තත් 35 වැනි ඕවරයෙන් ආරම්භ වූ අධිවේගි ඕවර කිහිපය ශ්‍රී ලංකාවට තරමක් අවාසි දායක වගෙයි. ඒකට ඇත්තම හේතුව එංගලන්ත නායකයා තමාගේ පන්දු යවන්නන් ඉතාමත් උපක්‍රමශීලීව භාවිතා කිරීමයි.

මේ සංගක්කාරගේ 19 වැනි එක්දින අන්තර්ජාතික ශතකයයි. ලෝඩ්ස් පිටියේදී ලබාගත් පළමු වැන්න

ඕවර 37 - 201/2

පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍ය තණතීරුවක ශ්‍රී ලංකා පිතිකරුවන් තරගය උපරිම ආකාරයෙන් ග්‍රහණය කරගෙනයි ඉන්නේ..කොහොම වුණත් ඩිල්ෂාන්ගේ දැවීයාම නම් පාඩුවක්...ඉතිරි ඕවර 13 න් ලැබෙන පන්දු 78 ට තවත් ලකුණු කීයක් ලබාගත හැකි වේවිද?

ඕවර 35.4 - ඩිල්ෂාන් දැවී යයි - 198/2

ඩිල්ෂාන්ගේ තවත් ඩිල් ස්කූප් පහරක් වැරදී ගියත් වයිඩ් මිඩ් ඕන් හරහා ගැසූ ඩ්‍රයිව් පහර හතරේ සීමාවට ගියා...ඒත් ඊළඟ පන්දුවට ආයෙමත් ගැසූ ඩිල් ස්කූප් පහර වැරදීම නිසා පන්දුව ඩිල්ෂාන්ගේ පා ඉන්නේ වැදීමෙන් ඩිල්ෂාන් දැවී යයි

ඕවර 34 - 184/1

සංගායි ඩිල්ෂානුයි දෙන්නාම ඇන්ඩසන්ට මුහුණ දෙන්නේ පරෙස්සමෙන්..මේ වෙලාවේ, 35 වැනි ඕවරය ආරම්භ වන තුරු මේ පිතිකරුවන් දෙන්නාම පිටියේ ඉන්න ඕනෑ. මොකද දෙන්නාම හොඳ රිද්මයකින් ඉන්නේ..දෙන්නාටම පන්දුව හොඳට පේනවා...35 වැනි ඕවරයේ සිට අත දිගහැර පහර දෙන්න පුළුවන්

ඕවර 32 - 179/1

32 වැනි ඕවරයේදී ඇන්ඩසන් ආයෙත් පන්දුව අතට ගත්තා...ඩිල්ෂාන් සහ සංගා අතර ලකුණු 150 සම්බන්ධතාව සම්පූර්ණ වෙන්නේ පන්දු 163 කින්...පළමු කඩුල්ල ලකුණු 26 කට බිඳ වැටී තිබුණු මොහොතක අති විශිෂ්ට පිතිහරඹයක්...

ඕවර 30 - 167/1

පිතිකරුවන් දෙන්නා පිටිය මැද්දේ පුංචි කතාබහක..තවත් ඕවර 21 ක් විතරයි තියෙන්නේ...ලකුණු වේගය හෙමිහිට වැඩි කරන්න වගේ සූදානම..ඒක තමයි කතාව...30 වැනි ඕවරයට ලකුණු 12 යි...

ඕවර 29 - 155/1

ට්‍රෙඩ්වෙල්ගේ හිසට ඉහළින් සංගා ගැසූ අලංකාර ‘ස්ට්‍රෙිඩට් ඩ්‍රයිව්“ පහරත් සමගින් ශ්‍රී ලංකා පිලේ 150 වැනි ලකුණ පුවරුවට එනවා.

28 වැනි ඕවරය බොපාරාගන්. පළමු පන්දුවටටම ‘ඩිල් ස්කූප්“ පහරක් ගහන්න ඩිල්ෂාන් උත්සාහ කළත් පන්දුව හරියට පිත්තේ වැදුණෙ නෑ. පන්දු දෙකකට පස්සේ සංගක්කාරගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කිසිවෙක් නැති ඩීප් තර්ඩ් මෑන් කලාපයෙන් හතරේ සීමාව සොයා යනවා...

ඕවර 27 - 141/1

ඕවර දෙකකට ලකුණු 7 යි.....සංගා සහ ඩිල්ෂාන් මේ යන්නේ ඉතාමත් හොඳ ගමනක්. වේගය ඕවරයකට ලකුණු 5.22 යි. තවත් කඩුලු 9 ක් අතේ තියෙනවා.. 35 වැනි ඕවරයෙන් පස්සේ පිත්තේ හයිය කොහොමද කියලා බලාගත්තෑකි....

ඕවර 25 - 134/1

ජේම්ස් ට්‍රෙඩ්වෙල්ගේ එම ඕවරයට ලකුණු 3 ක් පමණයි. පෙ‍නෙන විදිහට ඔහු මෙම පිතිකරැවන්‍ දෙදෙනාට යම් කිසිපීඩනයක් එල්ල කර තිබෙනවා. ඔහුගේ ඕවර 5 දී ඩිල්ෂාන්ට සහ සංගක්කාරට ලබාගත හැකිවී ඇත්තේ ලකුණු 17 ක් පමණයි... 

ඕවර 24 - 131/1

ඩිල්ෂාන් සහ සංගක්කාර අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 100 සීමාව ඉක්මවා ගියා... 

සංගක්කාර තම 86 වැනි අර්ධ ශතකය ලබාගන්නවා... ඊලග පන්දුවේදීම ඩිල්ෂානුත් තම අර්ධ ශතකය සම්පූර්ණ කරනවා...

ඕවර 23 - 123/1

පිතිකරුවන් දෙ‍දෙනාම දැන් ලකුණු 49 බැගින් රැස්කරගෙනයි ඉන්නේ... බලමු කවුද මුලින්ම අර්ධ ශතකය කරා යන්නේ කියලා...

ඕවර 22 - 120/1

බො‍ප‍ාරගේ පන්දු හමුවේ ඩිල්ෂාන්ගෙන් සහ සංගක්කාරගෙන් තවත් හතරේ පහර 2 ක්... දෙදෙනාම ඉතා ඉවසීමෙන් ඉදිරියට යන බවක් පෙනෙනවා...

ඕවර 20 - 103/1

රවී බොපාරා යැවූ දහනම වැනි ඕවරයේ අවසන් පන්දුවට සංගක්කාර එල්ල කළ හතරේ පහරත් සමගින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛයාව 100 පසුකර ගියා. දැන් ඩිල්ෂාන් සහ සංගක්කාර අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 77 යි..

ඕවර 18 - 92/1

සංගක්කාරගෙන් පිට පිටම තවත් හතරේ පහර 2 ක්. ඒ සමගින් ජො රූට්ගේ ඕවරයේදී ඩිල්ෂාන් සහ සංගක්කාර ලබාගත් ලකුණු සංඛයාව 14 යි...

සංගක්කාරගේ පහරක් උඩපන්දුවක් ලෙස රැකගැනීමට තිබූ අසීරු අවස්ථාවක් ජෝ රූට් අතින් ගිලිහී යයි. පන්දුව කෙළින්ම හතරේ සීමාවට...

පන්දු යැවීමේ වෙනසක්, ජේම්ස් ‍ට්‍රෙඩ්වෙල් පන්දු යැවීමට එයි. ඔහුගේ ඕවරයටත් එක් ලකුණක් පමණයි.

ඕවර 16 - 77/1

තරමක නිහැඩියාවකින් පසු පහළොස් වැනි ඕවරයේ සිව්වැනි පන්දුවට සංගක්කාරගෙන් හතරේ පහක්... එය නම් ජෝදාන්ගේ ඉතාමත් දුර්වල පන්දුවක්...

ඕවර 13 - 57/1

දැන් ඩිල්ෂාන් පන්දු 44 කින් ලකුණු 29 යි, සංගක්කාර පන්දු 19 කින් 4 යි. දෙ‍දෙනා හොද අවබෝධයකින් පන්දු තෝරා බේරාගෙන පන්දුවට පහරදෙන බවක් පේනවා....

ක්‍රිස් ජොඩාන් අනෙක් අන්තයෙන් පන්දු යැවීමට එයි...

ඩිල්ෂාන් සහ සංගක්කාර ආරක්ෂාකාරී පිතිකරණයක...

ජෝ රූට් පන්දු යැවීමට පැමිණෙයි. පළමු පන්දුව ඩිල්ෂාන්ට...

ඕවර 10 - 45/1

එම ඕවරයටත් එක් ලකුණක් පමණයි.. දැන් පන්දු 12 කට මුහුණ දුන්නත් සංගක්කාර තවම එක් ලකුණක්වත් ලබාගෙන නෑ...

ඕවර 9 - 44/1

අට වැනි ඕවරයේ තුන් වැනි සහ හතර වැනි පන්දු වලට ඩිල්ෂාන්ගෙන් හතරේ පහර දෙකක්... ඒ දෙකම ඩිල්ස්කුප් පහර මගින්...

ඕවර 8 - 34/1

හැරී ගාර්නිගේ එම ඕවරයට එක් ලකුණක් පමණයි.. පන්දු 6 කට මුහුණ දුන්නත් සංගක්කාර තවම එක් ලකුණක්වත් ලබාගෙන නෑ...

ඕවර 7 - 33/1

හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ඩිල්ෂාන්ගෙන් වේගවත් හුක් පහරක්... එක් වරක් පමණක් පිටියේ පතිත වූ පන්දුව හතරේ සීමාව පසුකර ගියා...

සංගක්කාර පන්දුවට පහර දෙන්න අවා.. බලමු ඔහු මොකද කරන්නේ කියලා

ඕවර 5.1 - කුසල් දැවී යයි

හැරී ගාර්නි යැවූ පන්දුවක් හම‍ුවේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ක්‍රිස් දෝඩාන් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් ජනිත් දැවීයයි. විශිෂ්ට පන්දු රැකීමක්.. දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ඔහු ලකුණු 19 ක් ලබා සිටියා..

ඕවර 5 - 26/0

ඇන්ඩසන්ගෙන් නිලකුණු ඕවරයක්

ඕවර 4 - 26/0

හැරී ගාර්නි යැවූ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල්ගෙන් මිඩ්විකට් කළාපයට ඉහළන් හයේ පහරක්

ඕවර 2 - 14/0

දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

ඕවර 1 - 09/0

ජේම්ස් ඇන්ඩසන්ගේ පළමු ඕවරයට කුසල්ගෙන් අලංකාර හතරේ පහර දෙකක්...

කාසියේ වාසිය උරගා බැලීම සඳහා නායකයන් දෙදෙනාම පිටියට ගියා.. කාසි‍යේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පන්දු යැවීම තෝරා ගත්තා. පෙනෙන පරිදි ඔවුන් උත්සහ කරන්නේ පෙර තරගයේදී මෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා පිල සීමා කරන්න...

අද තරගයේදී ශ්‍රී ලංකා පිල‍ේ වෙනස්කම් දෙකක් සිදුවී තිබෙනවා... චන්දිමාල්ව එළියෙන් තියලා කුසල්ව නැවතත් කණඩායමට අරන්, රංගනගේ තැනටත් අජන්තව කැ‍දවලා...

 


අදහස් (1)

දෙපිලටම දෝලනය වූ කදිම තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.