වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා පිල ඊයේ (23 වැනිදා) සමත්විය.
මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මාස් යුනිචෙලා පිලේ දුවිඳු තිලකරත්න ලකුණු 20 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
හැටන් නැෂනල් බැංකුව - ඕවර 27.2 කදී සියලුදෙනා දැවී ලකුණු 76
(දුවිඳු තිලකරත්න 20/6)
මාස් යුනිචෙලා - ඕවර 8.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 78
(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 35, රමිත රඹුක්වැල්ල 33)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.