Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දුමිඳුත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

දුමිඳුත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2022 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටය (32 දෙනාගේ) යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී මෝල්ටාවේ සැමුවෙල් කැසර්ට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රම සමත් විය.

‍මෙම ජයග්‍රහණයත් සමග පිරිමි කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද දුමිඳුට හැකි විය.‍ එහිදී ඔහු ඉන්දියාවේ ශ්‍රීකාන්ත් කිඩම්බිට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (5 වැනිදා) පස්වරු 3.30 ආරම්භ වනු ඇත.

දෙවැනි වටය යටතේ සහභාගි වූ තරගයේ පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් දුමිඳු, ඉතා තියුණු සටනකින් පසුව දෙවැනි වටය ජයගත්තේ ලකුණු 22/20 ක් ලෙසිනි. දුමිඳු මෙම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන අතර ඔහුට පෙර නිලූක කරුණාරත්නද එම වටයට සුදුසුකම් ලබාගත්තේය.

දුමිඳු දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී මුරුසියේ ඇටිෂ් ලූබාට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමිනි.


අදහස් (0)

දුමිඳුත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.