Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දීඝායු බණ්ඩාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව ගොඩිගමුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට මහනුවර කිංග්ස්වුඞ් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ දීඝායු බණ්ඩාර ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් දවාගනිමින් ධර්මාලෝක විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමීය. සමස්ත තරගයේදී ඔහු ලකුණු 45 කට දවාගත් කඩුලු සංඛ්‍යාව කඩුලු 10 කි.
ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලු දෙනා දැවී 109
(සෙනාල් ඉද්දමල්ගොඩ 52, දීඝායු බණ්ඩාර 16/5, උත්පල ජයලත් 45/4)
කිංග්ස්වුඞ් විදුහල පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 133
(ධනංජය මධුරංග 42, හර්ෂ වික්‍රමසිංහ 21, මාධව කවිඳු 44/6, ලක්ෂාන් වීරසූරිය 21/2)
ධර්මාලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 29.3 කදී සියලු දෙනා දැවී 119
(සෙනාල් ඉද්දමල්ගොඩ 38, හරිත දිල්ෂාන් 25, යුගීෂ දිල්ෂාන් 21, දීඝායු බණ්ඩාර 29/5, ලක්මාල් ද සිල්වා 2/4)
කිංග්ස්වුඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 30.5 කදී කඩුලු 4 ක් දැවී 96
(හර්ෂික ගමගේ 34, ගනිඳු කෞෂල්‍ය 24, කුෂාන් විතාරණාරච්චි නොදැවී 14, මාධව කවිඳු 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.