රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජය සංවිධානය කළ සමස්ත ලංකා රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේ ‘බී’ කණ්ඩයේ ශූරතාව දිනාගැනීමට කළුතර කළාප අධ්‍යාපන කණ්ඩායම සමත් විය. කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 35-22 ක් ලෙස මෝටර් රථ ගමනාගමන දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජය කරමින් කළුතර කලාප අධ්‍යාපන කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කීවේය.
තරගාවලියේ දක්ෂතම පන්දු විදින්නිය ලෙස කළුතර කළාප අධ්‍යාපන කණ්ඩායමේ මනෝරිකා සපුතන්ත්‍රී සම්මාන දිනාගත් අතර එම කණ්ඩායමේම යමුනා ගුණසේකර දක්ෂතම ආරක්ක්ෂක ක්‍රීඩිකාව ලෙසත්, මදුකා විජේකෝන් දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
කළුතර කළාප අධ්‍යාපන කණ්ඩායම -
|
ඉදිරි පෙළ (වමේ සිට) - නාලනී ද අල්විස් (නායිකා), නුරුල් හිනායා (සහකාර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා), ප්‍රියානි මුදලිගේ (කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා), කාන්තසිරි මීගමුවගේ (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක), ඩී. බටුවිට (පරිපාලන නිලධාරි) සහ චන්ද්‍රානි අනගියද්ද (උප නායිකා) පසු පෙළ (වමේ සිට) - අරුණි මංගලිකා, යුරේෂි නිෂාන්ති, චම්පා නිෂාන්ති, මනෝරිකා සපුතන්ත්‍රි, යෂාන්ති තුෂාරිකා, නවෝද්‍යා තිවෝනි, යමුනා ගුණසේකර, සුරංජි නදීකා, අනුෂා රණවීර, මදුකා විජේකෝන් සහ චිරානි දේවිකා |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.