Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉහළ නගිති

දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉහළ නගිති

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාර්ථක තරග වර්ෂයකින් පසුව ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ශ්‍රේණිගත ලකුණු 51 ලබමින් ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 19 වැනි ස්ථානයට පත් වී ඇත. මේ වසරේදී ලෝක කුසලාන තරගවලියට සහභාගි වීමට සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැගීම විශාල මානසික ශක්තියක් වී තිබේ.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මේ වසරේ ජූලි මාසයේදී එංගලන්තයේදී ලෝක කුෂලාන තරගවලියට සහභාගි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වර්ෂය ආරම්භ කරන ලද්දේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව 27 වැනි ස්ථානයේ සිටිමිනි. ඒ වන විට ශ්‍රී ලංකා පිල සිංගප්පූරුව, මැලේසියාව සහ හොං කොං දැල්පන්දු කණ්ඩායම් වලට පසුපසින් සිටියේය.

පසුගිය ජුනි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොං කොං පිල පසුකරමින් 26 වැනි ස්ථානයට පත්වූයේ සුළු වර්ධනයක් පෙන්නුම් කරමිණි. කෙසේ වෙතත් ආසියානු ශූරතාවලියේ සිට සාර්ථකත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම වර්ෂය අවසානයේදී ස්ථාන 7ක් ඉදිරියට පැමිණීමට සමත් ව තිබේ.

දැල්පන්දු සම්මේලනයේ පූර්ණ සහයෝගය ඇතිව, ක්‍රීඩිකාවන්ගේ අන්තර්ජාතික අත්දැකීම් වර්ධනය කිරීමට පියවර ගත් තිලකා ආසියානු තරගාවලියට පොරතුව පුහුණු තරගාවලි දෙකක් සඳහා සිය ක්‍රීඩිකාවන් යෙදවූවාය. සිංගප්පූරු ක්‍රීඩිකාවන්ද සමගින් ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියත්, පසුව මලාවිහිදී පැවැති තරගාවලියත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නව අත්දැකීම් ලබාදීමට ඇය සමත් වූවාය.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකත්වයට තවත් ප්‍රබල හේතුවන් වූයේ තර්ජිනි ශිවලිංගම්ගේ පුනරාගමනයයි. දැල්පන්දු පරිපාලනය සමග ඇතිවූ විරසකයකින් පසුව තර්ජිනි ක්‍රීඩාවෙන් ඈත් වූවාය. එහෙත් ඇයගේ වටිනාකම වටහාගත් තිලකා ජිනදාස නැවතත් ඇයව දැල්පන්දු පිටියට කැඳවාගෙන ආවාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවෙන් 98% ක් පමණ ලබාගන්නේ තර්ජිනී විසිනි.

2009 දී ආසියානු කුසලාන ජයග්‍රහණයෙන් පසු ලෝකයේ 14 වැනි තැනට පත් වූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම පසුගිය වසර කිහිපය පුරාම ඇතිවූ පරිපාලන ගැටලු සහ වෙනත් හේතු මත පසුබෑමකට ලක්විය.  එහෙත් 2017 දෙසැම්බර් මාසයේ දී  කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත්වීම ශ්‍රී ලංකා පිලේ සාර්ථකත්වයට බොහෝ දුරට බලපෑවේය.

මෙම වර්ෂයේ ජාත්‍යන්තර දැල්පන්දු සම්මේලනයේ ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 19 වැනි ස්ථානයට පත් වීමත් සමඟ  ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළින් සිටින දැල්පන්දු කණ්ඩායමක් බවට පත් විය. මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ආසියාතික රටවල් අතරින් සිංගප්පූරුව 25 වැනි ස්ථානයේත්, මැලේසියාව 27 ස්ථානයේත්, හොං කොං 28 ස්ථානයෙත් පසුවෙයි.

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිලට වැඩිපුර අත්දැකීම්  ලබාදීමේ අපේක්‍ෂාවෙන් මලාවියේ ක්‍රීඩා සමාජ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලයන අපේක්‍ෂාවෙන් පසුවෙයි. ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සැම්බියාවේ සංචාරයක යොමු කරවීමටද ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය බලාපොරොත්තුව සිටී.  

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය ජූලි මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා එංගලන්තයේ ලීවර්පූල්හිදී පැවැත්වේ.

 

 


අදහස් (0)

දැල්පන්දු ක්‍රීඩිකාවෝ ඉහළ නගිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.