Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දවිසමර - ආණමඩුව ම.වි. ශූරතා දිනති

දවිසමර - ආණමඩුව ම.වි. ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව වෙරළ තීරයේ දී අද (4 දා) අවසන් වූ සමස්ත ලංකා පාසල් වෙරළ වොලිබෝල් තරගාවලියේදී සීදූව දවිසමර විදුහල සහ ආණමඩුව මහ විදුහල විසින් පිළිවෙලින් බාලක සහ බාලිකා ශූරතා ගන්නා ලදහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් කොළඹ හා ඒ අවට නගර කිහිපයක දැන් ක්‍රියාත්මක 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල යටතේ මෙම වෙරළ වොලිබෝල් තරගාවලිය පැවැත්විණි.

සීදූව දවිසමර විදුහල විසින් වව්නියාව සිරි සුමන මහ විදුහල තරග වට 2-1 කින් පරදවා වෙරළ වොලිබෝල් බාලක ශූරතාව දිනා ගත්තේය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 19-21, 21-19 සහ 17-15 ලෙසින් සටහන් විය.

බාලිකා තරගාවලියේ අවසන් තරගයේදී ආණමඩුව මහා විදුහල විසින් වෑකඩ මහා විදුහල තරග වට 2-0 කින් පරදා බාලිකා ශූරතාව දිනා ගන්නා ලදී. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 21-10 සහ 21-11 ලෙසින් සටහන් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දවිසමර විදුහලේ මිහිරංග උදය කුමාර සම්මාන දිනාගත්තේය. ආණමඩුව මහ විදුහලේ තරුෂි අයෝධ්‍යා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.


තරග ප්‍රතිපල -

වයස අවු 20න් පහළ බාලක
ශූරතාව - දවිසමර විදුහල - සීදූව (බස්නාහිර පළාත)
අනු ශූරතාව - සිරිසුමන මහ විදුහල -වවුනියාව (උතුරු පළාත)

3 වැනි ස්ථානය - කොණ්ඩලාරු දෙමළ විදුහල - යාපනය (උතුරු පළාත)
දක්ෂතම ක්‍රීඩකයා - මිහිරංග උදය කුමාර (දවිසමර විදුහල)

 

තරග ප්‍රතිපල -

වයස අවු 20න් පහළ බාලිකා
ශූරතාව - ආණමඩුව මහ විදුහල - ආණමඩුව (වයඹ පළාත)
අනු ශූරතාව - වෑකඩ මහා විදුහල - හලාවත (වයඹ පළාත)

3 වැනි ස්ථානය- දෙනියාය මහ විදුහල- දෙනියාය (දකුණු පළාත)
දක්ෂතම ක්‍රීඩකයා - තරුෂි අයෝධ්‍යා ( ආණමඩුව මහ විදුහල)


අදහස් (0)

දවිසමර - ආණමඩුව ම.වි. ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.