අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය කඩුලු 5 කින් ජයගැනීමට දඹුල්ල කණ්ඩායම අද (24 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල කණ්ඩායම කඩුලු 5 ක් පමණක් දැවී තරගය පහසුවෙන් ජයගත්තේය.
ලකුණු 72 කට කඩුලු 3 ක් දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 84 ක සම්බන්ධතාවයක් පැවැත්වූ කුසල් මෙන්ඩිස් සහ සචිත්‍ර සේරසිංහ අර්ධ ශතක රැස්කරමින් දඹුල්ල් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූහ.
කුසල් මෙන්ඩිස් පන්දු 117 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළ අතර සචිත්‍ර සේරසිංහ පන්දු 78 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට සමත්විය.
තීත්ෂිල ද සිල්වා ලකුණු 53 කට කඩුලු 3 ක් දවාගත්තද කොළඹ කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.
තෙවැනි දිනට ඊයේ (23) තරගය නතර කරනවිට දඹුල්ල කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 43 ක් ලබාසිටියේය.
කොළඹ කණ්ඩායම - පළමු ඉනිම - ඕවර 64.2 කදී සියලුදෙනා දැවී ලකුණු 210
(ශෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, ළහිරු මදුශංක 43/5, අසිත ප්‍රනාන්දු 46/2)
දඹුල්ල කණ්ඩායම - පළමු ඉනිම - ඕවර84.2 කදී සියලුදෙනා දැවී ලකුණු 359
(කුසල් මෙන්ඩිස් 24, කුසල් ජනිත් 85, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේනානායක 31, ජෙෆ්රි වැන්ඩසේ 40, දිලේෂ් ගුණරත්න 68/4, ශෙහාන් ජයසූරිය 30/2, තීක්ෂිල ද සිල්වා 57/2, ලක්ෂාන් සඳකැන් 77/2)
කොළඹ කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 80.1 කදී සියලුදෙනා දැවී ලකුණු 351
(කෞශාල් සිල්වා 38, ශෙහාන් ජයසූරිය 77, ළහිරු තිරිමාන්න 52, දිනේෂ් චන්දිමාල් 44, වනිඳු හසරංග 52, ජෙෆ්රි වැන්ඩසේ 101/4, සචිත්‍ර සේනානායක 78/2)
දඹුල්ල කණ්ඩායම - දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 205
(කුසල් මෙන්ඩිස් 62, සචිත්‍ර සේරසිංහ 55, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 27, තීත්ෂිල ද සිල්වා 53/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.