ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (17 වැනිදා) පැවැති තරගයකදී බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට දකුණු පළාත් කණ්ඩායම සමත්විය. මෙම තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමේ අවිශ්ක ලක්ෂාන් ලකුණු 19 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද දකුණු පළාත් කණ්ඩායමේ ජයග්‍රහණය වැලැක්වීමට ඔහුට නොහැකිවිය.
බස්නාහිර (දකුණ) - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(ජනිෂ්ක පෙරේරා 57, රොහාන් සංජය 25, රවීෂ විජේසිරි 31/3, නිපුන් මාලිංග 25/2, සුදින් ඩයස් 29/2)
දකුණු පළාත - ඕවර 36.1 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 154
නවෝද් පරණවිතාන 42, සුදින් ඩයස් 41, ආදිත්‍ය සිරිවර්ධන 22, අවිශ්ක ලක්ෂාන් 19/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.