
දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලියට සහභාගි වීම සඳහා පාසල් ක්‍රීඩක කණ්ඩායමක් ලබන සතියේ බංග්ලාදේශයට බලා පිටත්වේ.
ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් දහ දෙනකු බැගින් සමන්විත මෙම කණ්ඩායම අද (10) සිට 17 වැනි දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලියට සහභාගි වීමට නියමිතය.
සෑම වර්ෂයකම විදෙස් තරග සංචාර සඳහා පාසල් දරුවන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන පාසල් ටයිකොන්ඩෝ සංගමය, මෙවර තෝරාගෙන ඇත්තේ 2023 වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කරනු ලැබූ 2023 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා (ටයිකොන්ඩෝ) තරගාවලියේ රන් පදක්කම් හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ 2023 ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය මගින් පවත්වනු ලැබූ තරගාවලියේ රන්, රිදී පදක්කම් හිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.
තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කොළඹ-10 ආනන්ද විද්‍යාලයේ චතුර ප්‍රදීප් අතුකෝරළ මහතා කටයුතු කරන අතර ක්‍රීඩකයන් භාර නිලධාරියා ලෙස එස්.එම්.කේ. බණ්ඩාර මහතා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස පියුමි නෙළුම්මිකා මහත්මිය කටයුතු කරති. පුහුණුකරුවන් ලෙස වී.කේ. හේරත්, බී.කේ. හේමචන්ද්‍ර, බී.එම්. රංජීව සහ ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙස ජී. පටබැඳිගේ යන මහත්වරු කටයුතු කරති. කණ්ඩායම් නායකයා ලෙස බදුල්ල ඌව විද්‍යාලයේ යූ.ඩබ්.එම්. තරංග ක්‍රීඩකයාත් කණ්ඩායම් නායිකාව ලෙස කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සිතුකි නියංගම ක්‍රීඩිකාවත් කටයුතු කරති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.