Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ භූතාන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ (13 වැනිදා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.
භූතානයේ තිම්පු නගරයේදී හෙට (15 වැනිදා) ආරම්භ වන මෙම ශූරතාවලිය එළබෙන 22 වැනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක භූතානය සමගින් බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්තානයද තරගාවලියට එක්වනු ඇත.
මෙම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ඇතුළත් වන අතර එහිදී අවුරුදු 23 න් පහළ, 17 න් පහළ සහ 15 න් පහළ යන වයස් කාණ්ඩ 3 යටතේ කේවල, යුගල සහ කණ්ඩායම් තරග පැවැත්වෙනු ඇත.
ඔලිම්පික් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමගින් තමිඳු රන්දුල, රනිතු ප්‍රේමරත්න, සෙනුත් සෙත්මිණ, කෙනත් අරුග්ගොඩ සහ දුමිඳු අබේවික්‍රම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කරති. රනිත්මා ලියනගේ, රෂ්මි මුදලිගේ, ලිමන්දි පද්ම බණ්ඩාර, නිතිනි සසන්දි, විශ්වනී වන්නිආරච්චි සහ නෙත්මි අමායා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හසිත චානක මහතා කටයුතු කරන අතර අමන්ද ලලීන්ද්‍ර වීරසිංහ මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස තරගාවලියට එක්වනු ඇත. ක්‍රීඩිකාවන් බාර නිලධාරිණිය ලෙස හසලිකා මහත්මිය කටයුතු කරන්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.